නිරුවත් ඡායාරූප ෆේස්‌බුක්‌ දානවා කියා රූපලාවන්‍ය ශිල්පිනියගෙන් ලිංගික අල්ලස්‌ ඉල්ලලා සැකකරුට වුන දේ

හතරලියෑද්ද වල්පලාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයා ගලගෙදර නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන විවාහක කාන්තාවක්‌ සමග මුහුණු පොත හරහා මිතුරුකමක්‌ ඇතිකර ගෙන ඇත. පසුව අවස්‌ථා කීපයකදීම ඇයගෙන් අනියම් පහසක්‌ ඔහු ඉල්ලා ඇත. එම ඉල්ලීමට ඇය විරුද්ධ වීම නිසා උරුණ වූ මෙම තරුණයා එසේ කිරීමට නොහැකි නම් ඇයගේ නිරුවත් ඡායාරූප මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කරන
බවට තර්ජනය කර ඇත. ඒ බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

රූපලාවන්‍ය ශිල්පිනියකගේ නිරුවත් ඡායාරූප මුහුණු පොත (ෆේස්‌බුක්‌) හරහා ප්‍රදර්ශනය කරන බවට තර්ජනය කර බලහත්කාරයෙන් ලිංගික අල්ලස්‌ ඉල්ලීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

සිද්ධිය මෙසේය.

හතරලියෑද්ද වල්පලාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයා ගලගෙදර නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන විවාහක කාන්තාවක්‌ සමග මුහුණු පොත හරහා මිතුරුකමක්‌ ඇතිකර ගෙන ඇත. පසුව අවස්‌ථා කීපයකදීම ඇයගෙන් අනියම් පහසක්‌ ඔහු ඉල්ලා ඇත. එම ඉල්ලීමට ඇය විරුද්ධ වීම නිසා උරුණ වූ මෙම තරුණයා එසේ කිරීමට නොහැකි නම් ඇයගේ නිරුවත් ඡායාරූප මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර ඇත. ඒ බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

පසුව එම කාන්තාව ඉකුත් 02 වැනිදා අදාළ තරුණයාට තම මධ්‍යස්‌ථානයට පැමිණෙන ලෙසට දන්වා ඇත. ඒ අතරම ඇයගේ යෙහෙළියන් දෙදෙනකුට ද මේ බව දන්වා එම ස්‌ථානයට ගෙන්වා ගෙන ඇත. තරුණයා පැමිණි පසු ඇතුළත කාමරයකට කැඳවා ගෙන ගොස්‌ ඉදිරිපස දොර වසා එන්නම් යෑයි පවසා යෙහෙළියන් දෙදෙනා මගින් මේ බව පොලිසියට දන්වා ඇත.

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම තරුණයා අත්අඩංගුවට ගෙන ගලගෙදර වැඩබලන මහෙස්‌ත්‍රාත් ක්‍රිෂාන්ත ජයසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ශරීර ඇප මත මුදා හැර ඇත.

ගලගෙදර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එඩ්වඩ් තිලකරත්න මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො. ප. අබේනාරායන, පො. සැ. (57597) විඡේරත්න, (4289) විඡේකෝන්, (47251) අබේපාල යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළහ.

- දිවයින



gossip lanka