හරීන්ගේ "හැට පැනපු ලොම් හැලිච්ච නාකි " කතාවට TNL ප‍්‍රවෘත්ති විකාශයේදී කුණු බැණුම් - (video)

හැට පැන්න වුන් පන්නා දමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශය හේතුවෙන් ටීඑන්එල් රූපවාහිනිය විසින්ද සිය ප්‍රවෘත්ති විකාශය අතරතුරදී ඔහු ඉලක්ක කර දැඩි විවේචනයක් එල්ල කළේය.

හරීන් ප්‍රනාන්දු නම් ව්‍යාපාරිකයා විසින් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයට අගෞරව කරන බවත් පැවසූ එම වාර්තාව ද එක්සත් ජාතික
පක්ෂයේ වයස 60 ඉක්මවූ නායකයන් විවේචනය කිරීම හරීන් ප‍්‍රනාන්දුගේ නොමේරූ සල්ලාල ක්‍රියාවක් යැයි ද කියා සිටියේය.

සිය මාන්නක්කාර දේශපාලනය තුළ නොමේරූ හරීන් මේ වන විට එජාපයට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයට ලක්වී ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් නාලිකාව විසින් මන්ත‍්‍රීවරයා දැඩිව විවේචනය කරමින් චෝදනා කලේය.