මහ පාන්දර අඩනිරුවතින් ගෙට රිංගපු ග්‍රීස් යකාට කාන්තාවක් උගන්නපු අමතක නොවන පාඩම

අඩ නිරුවතින් රාත්‍රි 1.30 ට පමණ නිවසකට ඇතුල් වී කාමරයක නිදා සිටි කාන්තාවකගේ දෙඅත් අල්ලා ගත් පුද්ගලයකුට පහර දීමෙන් තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුල් කර තිබෙනවා. තුවාලකරු ජාඇල දඬුගම ප්‍රදේශයේ පදිංචි අක්‌කරගේ ජෝශප් ඇන්ටනී නම් අයයි.

ආරච්චිකට්‌ටුව පොලිසියට අංක 119 දුරකථනයෙන් ලැබුණු ඇමතුමකින් ආරච්චිකට්‌ටුව ලක්‌මාල් උත්සව ශාලාව පිටුපස නිවසේ ආරවුලක්‌ සිදුව ඇති බවට තොරතුරක්‌ ලැබී ඇති අතර ඒ අනුව ආරච්චිකට්‌ටුව
පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ උත්සව ශාලාව පිටුපස ශ්‍රියාකාන්ති යන අයගේ නිවසට ගොස්‌ තිබෙනවා.

ඒ යන විට නිවසේ ආලින්දයේ ලේ ගලන තුවාල සහිත පුද්ගලයෙක්‌ බැඳ දමා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ඒ පිළිබඳව විමසීමේදී මෙම තුවාලකරු අඩනිරුවතින් තම කාමරයට පැමිණ නිදා සිටි තමාගේ දෙඅත් අල්ලා ගත් බවත් තමා කෑ ගැසූ විට තම පුතා සහ උත්සව ශාලාවේ සිටි පිරිසක්‌ පැමිණ පහරදුන් බවත් දෙඅත් අල්ලා ගෙන සිටියදී තමා ද ඔහුව සපා කා බේරුණු බවත් මෙහිදී කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

තුවාලකරුට එවෙලේ කතා කළ නොහැකි තත්ත්වයක්‌ තිබූ බැවින් ආරච්චිකට්‌ටුව ආනවිළුන්දාව ග්‍රාමීය රෝහලට ඇතුල් කර ඇති නමුත් එම රෝහලෙන් තුවාලකරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී තුවාලකරුට පහරදුන් අය ලෙස ශ්‍රියා කාන්ති ලියනගේ සහ යාපා අප්පුහාමිලාගේ සම්පත් යාපා යන දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය හා සැකකරු හලාවත මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්‌ෂයක ශරීර ඇපයක්‌ මත සැකකාරිය මුදාහැර සැකකරු රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

gossip lanka