තනිව සිටි තිදරු මවට නිවසට ආ දෙදෙනකු විසින් හදි කල හැටි

මුහුණු අවාරණය කරගෙන වැහිකබා දමාගෙන නිවසට ඇතුල්වු පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි තිදරුමවකට තර්ජනය කොට බිය ගන්වා ඇය දුෂණයට ලක්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසනවා.

අළුයම නිවසේ මුළුතැන්ගෙය ඔස්සේ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුල්වි ඇත. මෙම ශබ්දයට අවදිවි ඇති කාන්තාව කැගසා ඇතත්, පුද්ගලයින් දෙදෙනාගෙන්
එක් අයෙකු කාන්තාවගේ මුහුණට පහරදි නාසය හා මුඛය දැත්වලින් වසාගෙන සිටියදී, අනික් පුද්ගලයා කාන්තාව දුෂණය කොට ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුව අනික් පුද්ගලයාද මෙකි කාන්තාව දුෂණයට ලක්කොට තිබෙනවා.

අදාල කාන්තාව මෙවුන් සමග පොරබැද ඇති අතර, එහිදී එක් අයෙකු ළග අත තිබු ආයුධයකට මෙම කාන්තාවගේ උරහිස තුවාල වි ඇති බවද පරික්ෂණවලදි අනාවරණය වි ඇත. පසුව පුද්ගලයින් දෙදෙනා නිවස ඉදිරිපිට නතරකොට තිබු යතුරුපැදියෙන් පලාගොස් ඇත.

හතලිස්පස් හැවිරිදි වියේ පසුවන අදාල කාන්තාව මොරගොලවත්ත පිලාන ප්‍රදේශයේ නිවසක තනිවම පදිංචිව සිටින්නියකි. දරුවන් තිදෙනා විවාහ වි පිට පළාත්වල පදිංචිව සිටි. මෙකි කාන්තාවගේ සැමියා මිට වසර පහකට පමණ ඉහතදි මියගොස් ඇති අතර ඇය කුලිවැඩ කිරිමෙන් ජිවත්ව ඇත.

සොකො නිලධාරින් කැඳවා මේ ගැන හබරාදුව පොලිසිය මගින් පරික්ෂණ ආරම්භකොට ඇත.