'මම සැබෑ වෙනසකට එළියට බහිනවා' ලිංගික හිංසනයට එරෙහිව පාරට බැස්ස google සේවකයෝ - Photos

ගූගල් කාර්යාල තුළ සිදුවී ඇතැයි කියන ලිංගික අඩන්තේට්ටම් හා හිංසනයන්ට එරෙහිව ලොව පුරා ගූගල් කාර්යාලවල සේවකයන් සිය කාර්යාලවලින් පිටතට පැමිණ විරෝධතාවක් දක්වා තිබෙනවා.

ඔවුන් බොහෝ දෙනෙකු 'මම සැබෑ වෙනසකට එළියට බහිනවා' යන සටන් පාඨය සමග මෙම විරෝධතාවට එක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙවැනි සිද්ධියක් සමථයකට පත්කර ගැනීම සඳහා
බලපෑම් කිරීම වැනි ක්‍රියා නැවැත්විය යුතු බවත්, එවැනි තත්ත්වයන් හිදී චූදිතයන්ට පහසුවෙන් තමන්ට එල්ලවන චෝදනාවන්ගෙන් ගැලවී ගිය හැකි බවත් ගූගල් සේවකයෝ පවසති.

කෙසේ වෙතත්, ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සන්ඩර් පිචායි තම සේවකයන්ගේ ඉල්ලීම්වලට තමාද සහාය දක්වන බව පවස තිබෙනවා.

"ඔබ බොහෝ දෙනෙකුට දැනෙන කෝපය සහ කණස්සල්ල මට හොඳින්ම අවබෝධ කරගැනීමට පුළුවන්" යැයි ඊමේල් පණිවුඩයක් මගින් ඔහු සියලු සේවකයන්ට දන්වා යැවූ බව සඳහන්.

‘මට මෙය හොඳින්ම දැනෙනවා. අපේ සමාජයේ මුල් බැස ගනිමින් පැවති මෙම තත්ත්වය මුලිනුපුටා දැමීම සඳහා මගේ පූර්ණ කැපවීම යොමු කරනවා. එය ගූගල් වෙතද ඒ ආකාරයෙන් යොමුවෙනවා." යැයි පිචායි වැඩිදුරටත් පවසා තිබුණා.

gossip lanka