සිසුවාගේ මරණයෙන් සිත් තැවුලට පත් සිසුවියත් දිවි නසාගෙන

වල්පිටගම ප්‍රදේශයේ හෝටලයක පිහිටි ජලාශයකදී බෝට්ටුව පෙරලී ඉකුත් 6 වැනිදා මියගිය 18 හැවිරිදි පාසල් සිසුවා සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බැව් කියන 17 හැවිරිදි පාසල් සිසුවියක්, ඔහුගේ මරණය පිළිබඳ පුවත සැලවීමෙන් බලවත් සිත් වේදනාවට පත්ව පෙරේදා (7දා) පස්වරුවේ සිය නිවෙසේ ගෙවත්තේ වූ ළිඳට පැන සියදිවි හානි කරගෙන ඇතැයි පන්නල
පොලිසිය පවසයි.

ඇය පන්නල ප්‍රදේශයේ පාසලක සිසුවියකි.

ඉකුත් 7 වැනි දින පාසලට ගොස් නැති ඇය නිවෙසින් හදිසියේ අතුරුදන්ව සිටි බවත් ඇය සොයා ගම්වැසියන්ද ඇතුළු විශාල පිරිසක් ගම පීරමින් සැකකටයුතු තැන්ද පිරික්සා බලා ඇති නමුත් ඇය පිළිබඳ හෝඩුවාවක් ලැබී නැතැයි පැවැසේ.

චපසුව කුලියාපිටිය පොලිසියේ නිල සුනඛ අංශයේ "විකී" නම් නිල සුනඛයා පොලිසිය මඟින් සිසුවියගේ නිවෙසට කැටුව විත් සිසුවියගේ ඇඳුමකින් ලබා දුන් ඉව ඔස්සේ ගෙවත්තේ ළිඳ කරා ගොස් ඒ අසල නැවතී බුරන්නට වූ හෙයින් අසල්වැසි අයකු ළිඳට බැස පරීක්ෂා කරද්දී ළිඳ තුළ තිබූ සිසුවියගේ මළ සිරුර හමුවී ඇති බව පොලිසිය පවසයි.

කුලියාපිටිය රජයේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙනෙන ලද ඇගේ මළ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය පන්නල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය ටී. අමිල ඉන්දික මහතා විසින්ද පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය රජයේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි එම්.ඩී.එස්.එම්. බණ්ඩාර මහත්මිය විසින්ද පැවැත්වීමට නියමිතව තිබිණි.

gossip lanka