උතුර - දකුණ එක්කළ සාමයේ තෑග්ගෙනුත් තෑගි (photos)

උතුරු කොරියානු ජනපති ජොන්-අන් විසින් දකුණු කොරියානු ජනාධිපති - මූන් ජේ-ඉන් හට 'සාමයේ තිළිණයක්' ලෙස ලබා දුන් සුනඛයන් දෙදෙනාගෙන් එකෙකු හට පැටවුන් ලැබී ඇතැයි වාර්තා වේ.

කොරියානු ජනාධිපතිවරයා හට ලබාදී තිබුණේ කොරියානු අර්ධද්වීපයට ආවේනික සුනඛ විශේෂයක් වන, දඩයම් කිරීමට දක්ෂතා ඇති, පූන්ග්සාන් විශේෂයට අයත් මෙම සුනඛයන් දෙදෙනෙකි.

මේ අතරින්, ගොමී ලෙස නම් කර ඇති බැළලිය හට
පිරිමි පැටවුන් තිදෙනෙකු හා ගැහැණු පැටවුන් තිදෙනෙකු ලැබී තිබේ.

මෙම පැටවුන් ගේ සුරතල් බලමින් සිටින දකුණු කොරියානු ජනාධිපති යුවළගේ ඡායාරූප නිල් මන්දිරයේ නිල ට්විටර් ගිණුමේ පෙරේදා (25) දිනයේදී පළ කර තිබුණි.

"සුනඛයන් ගේ ගර්භනී සමය දෙමසක් වන බැවින් ගොමී අප සමීපයට එන විට පැටවුන් ලැබීමට සිටින්නට ඇත. අන්තර්-කොරියානු සහයෝගී සබඳතා ද මෙලෙස සිදුවනු," ඇතැයි මූන් ජේ ජනපතිවරයා ට්විටර් සටහනක් එක් කර ඇතිබවද විදෙස් වාර්තා සඳහන් කරයි.