ජනප්‍රිය නිළි ගයනා සුදර්ශනා සිය 10 වන විවාහ සංවත්සරය සමරලා තිබුණේ මෙහෙමයි

ජනප්‍රිය නිළි ගයනා සුදර්ශනී සහ චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදක වගේම රංඟන ශිල්පියකු වන සහන් විජේසිංහගේ 10වන  විවාහ සංවත්සරය පසුගිය 5 වනදාට යෙදී තිබුණා.

ඒ හේතුවෙන් ගයනා සිය සැමියා වන සහන් විජේසිංහ ඇතුළු පවුලේ හිතවතුන් එකුතුවෙන් සාදයක් පැවැත්වුනේ කොළඹ පිහිටි සුපිරි හෝටලයකයි.

මෙය ඔවුන් දෙදෙනාව පුදුම කරමින් සංවත්සරයට
දුන් තෑග්ගක් ලෙසයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් ගයනා සහ ඇගේ සැමියා සිය මුහුණු පොතට ආදරණීය සටහන් එකතු කර තිබුණා. එම සටහන් පහතින්

සහන් විජේසිංහ

පුරා දශකයක් මා යමග අත්වැල්බැද ජිවිත ගමන්මගේ දුක සැප චිදිමින් මා ලගින් නිදිමින් මට අදරණිය ජිවිතයක් ලබාදුන් මගේ ආදරණිය බිරිද ගයනා (මගේපන) ඉපදෙන හැම බවයකම ඔබෙම වි මා මගේම විඔබ අපේම වි අප ඉපදේවා.....

ගයනා සුදර්ශනා 

අපි දෙදෙනා අතැඟිලි බැඳ එකම කැදැල්ලකට වි අදට අවුරුදු දහයක් වෙනවා..එදා හමුවූ දිනේ ඔයා මට දුන් ආදරය අදටත් ඒ විදියමයි.....ජීවිතයේ මෙතෙක් ආ ගමන් මගේ දුකක් නොදී මගේ ජීවිතේට ශක්තියක් වෙමින් පණ සේ මාව රැක ගනිමින්....දුක සැප ජය පරාජය සියල්ල විද ගනිමින් අපි දෙන්නා ජීවිතේට මුහුණ දුන් හැටි හරිම අපූරුයි....ජීවිතයේ ඉතිරි කාලයත් මගේ ආයුෂත් අරගෙන...මටත් වඩා කල් ඔබ ජීවත් වේවා....දෙවියන් බුදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..උපදින හැම භවයකදිම ඔබේම ව් ම මගෙම ව් ඔබ ඉපදෙවා..