ලොවම කළඹමින් 16 හැවිරිදි දැරියක් ෆේස් බුක් හරහා වෙන්දේසි කෙරේ

ෆේස් බුක් සමාජ ජාලය භාවිතා කරමින් 16 හැවිරිදි සුඩාන දැරියක ළමා මනාලියක ලෙස වෙන්දේසි කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

ලන්සු තැබූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පස් දෙනෙකු ඉදිරිපත් වූ බවද සඳහන්.

එම පස් දෙනාගෙන් කිහිප දෙනෙකු දකුණු සුඩාන රජයේ ඉහළ නිලධාරින් ලෙස පසුව හඳුනාගෙන තිබෙනවා.

දැරිය වෙන්දේසි තබනු ලැබ ඇත්තේ ඇගේ පියා
විසින්. වෙන්දේසි සටහන සම්බන්ධයෙන් ෆේස් බුක් ජාලයට දොස් අහන්නත් සිදුවීම විශේෂ කරුණක් වුණා.

දැරිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබු සටහන හා ජායාරූප ඉවත් කිරීම ඉන් අනතුරුව සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ වනවිටත් දැරිය වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට ලබා දීමට දැරියගේ පියා කටයුතු කර තිබෙනවා.

සුඩාන පුවත් සේවා වාර්තා කළ අන්දමට දැරියගේ පියාට ගවයින් 500ක්, මෝටර් රථ තුනක් හා ඩොලර් 10000 මුදලක්ද හිමිව ඇති බව සඳහන්.

ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙම ක්‍රියාව දැඩිව විවේචනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කර ඇති බවත්, මීට වඩා අවධානයෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දැනුම් දී ඇති බවත් සඳහන් වනවා.

ඒ අනුව මෙවැනි දේ සිදු නොවීමට විශේෂ ක්‍රියාමාර්ග තමන් විසින් යොදවන බව ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.