එක කෙල්ලයි කොල්ලෝ පනස්හතයි... ෆේස් බුක් මාරයි සාදය හමාරයි

හපුතලේ පොලිස් වසමට අයත් විහාරගල වතු බංගලාව සොඳුරු පරිසරයක පිහිටි සිත නිවන නිහඬ වටපිටාවක් තුළ ඉදිකළ මනරම් නිමැවුමක් බඳුය. කලක පටන් ප‍්‍රිය සම්භාෂණ ඇතුළු විවිධ උත්සව අවස්ථාවන් සඳහා එම බංගලාව මුදල් ගෙවා වෙන්කරගත හැකි අතර එම හේතුවෙන් එහි නිතර නිතර සාද ප‍්‍රිය සම්භාෂණ පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයක්ය.

 ඉකුත් දිනක එක්තරා තරුණයන් පිරිසක් විසින් එම වතු බංගලාව ප‍්‍රිය සම්භාෂණයක් පිණිස යැයි කියමින් මුදල් ගෙවා වෙන්කර ගන්නා අතර ඒ සඳහා වැයකරන ලද මුදල රුපියල් 25,000 ක් ය. වතු බංගලාවේ පාලනාධිකාරිය විසින් එම මුදල ලබා ගැනීමෙන් අනතුරුව ඇණවුම්කරුවන් වෙනුවෙන් වෙන්කරන අතර ඒ සඳහා නියමිත දිනයක් ද තරුණ පිරිස විසින් යෝජනා කොට ඇත.

සාදය සඳහා වෙන්කර ගත් දිනය වූයේ ඉකුත් 27 දාය. සාදය සංවිධානය කළ තරුණ පිරිස විසින් ඒ සඳහා අවශ්‍ය වටපිටාව කල්තියා සංවිධානය කර තිබී ඇත. DJ සංගීතයත් විවිධ මත්ද්‍රව්‍ය ආදියත් සාදයේ මිහිර පිණිස කල්තියා අදාළ ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබූ අතර ඒ සඳහා ආරාධනා කළ සාමාජික සාමාජිකාවන් වතු බංගලාව වෙත පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.

කාලය කෙමෙන් කෙමෙන් ගතවීමත් සමඟ රටේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණි තරුණයන් වරින් වර තනි තනිව හා කණ්ඩායම් වශයෙන් වතු බංගලාවට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් පස්සර ඇතුළු අවට ප‍්‍රදේශවලින් පැමිණ සිටි තරුණයන්ය. ඊට අමතරව මෙම අපූරු සාදය සඳහා බණ්ඩාරවෙල, බදුල්ල, මීගමුව, කොළඹ ආදී ප‍්‍රදේශයන් නියෝජනය කරමින් තරුණයන් පිරිසක් ද නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචි එක් තරුණියක් ද සහභාගි වී ඇත්තේ සාදයේ මිහිර සිත් සේ විඳගැනීමේ අටියෙන් ය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම සාදය සඳහා සහභාගි වූ පිරිස හා සාදයේ සම්පූර්ණ කටයුතු මුහුණු පොත (Facebook) හරහා සිදුවීමය. සාදය සඳහා යන වියදම සාමාජිකයන් අතර සමසේ බෙදී යන අයුරින් සකස් කළ අයවැයකට අනුව ඇතුළත් වීමේ ගාස්තු අයකිරීමෙන් අනතුරුව සාදය ආරම්භ වන්නේ එක් තරුණියක් සහ තරුණයන් 57 දෙනකුගේ සහභාගිත්වය සහිතවය. මෙම සියලූ දෙනා වයස අවුරුදු 18 - 35 ත් අතර පසු වූ පිරිසක් විය.


DJ සංගීතය මධ්‍යයේ සාදය ආරම්භ වී ඇත. විවිධ කොණ්ඩා විලාසිතාවන් ඇඳුම් පැළඳුම් ආදියෙන් සැරසී සිටි තරුණ පිරිසත් ඒ සඳහා සහභාගි වූ එකම තරුණිය වන නුගේගොඩ ප‍්‍රදේශයේ සිට එහි ගොස් සිටි තරුණියත් වේග රිද්ම සංගීතයත් මධ්‍යයේ යෞවනයේ මිහිර සොයා යන්නේ වෙනත් ලොවක් වෙත පියඹා ගියා වැනි හැඟීමකිනි.

එම හැඟීම් ඇතිකර ගැනීම පිණිස බෙහෙවින් ඉවහල් වන මත්ද්‍රව්‍ය රාශියක් සාදය පිණිස එක් කිරීමට සංවිධායකයන් විසින් කටයුතු කර තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

අසීස්, හෂීස්, විෂ මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර, මත් පෙති වර්ග, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රාශියක් සාදය සඳහා පැමිණ සිටි තරුණයන්ගේ උද්වේගය වැඩි කිරීම පිණිස බෙහෙවින් උපකාරී වන්නේ සාදය ආරම්භ වී පැය කිහිපයක් ගතවීමත් සමඟය. ඇතැම් තරුණයන් අසීස්, හෂීස් වැනි මත්ද්‍රව්‍යයන් සිය සතුට වෙනුවෙන් පාවිච්චි කරන්නට වූ අතර තවත් පිරිසක් සාදයේ මිහිර අත්විඳින්නට ගන්නේ ගංජා සහ මත් පෙති ආදිය භාවිත කරමින්ය.

මේ ආකාරයට ඇරඹෙන සාදය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදී යන්නේ ඒ සඳහා සහභාගි වූ පිරිසට කාලය පිළිබඳ නිනව්වක් ලබා නොදෙමින්ය.

කවදත් හපුතලේ ප‍්‍රදේශය යනු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගෙන් ගහන ප‍්‍රදේශයක් බැවින් අවට වටපිටාවේ පදිංචි කිසිවෙක් මෙම සාදය පිළිබඳ එතරම් විමසිලිමත් නොවන්නේ ප‍්‍රදේශයට එය කවදත් සාමාන්‍ය තත්ත්වයක් බැවින් ය. මෙම සාදය පැවැත්වෙන අතරතුර ඔවුන්ට ආහාර පාන ආදියෙන් සංග‍්‍රහ කිරීම පිණිස ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙක් බංගලාව තුළ සිට ඇතත් ඔවුන්ට ද නොදැනෙන්න සාදය පවත්වාගෙන යෑමට සංවිධායකයන් විසින් කටයුතු කර ඇත්තේ සාදයේ සැබෑ තත්ත්වය බාහිර සමාජයෙන් වසන් කිරීම පිණිසය.

27 දා දහවල් ආරම්භ කළ මෙම ත්‍්ජැඉදදන සාදය ආරම්භ වී පැය කිහිපයකින් අනතුරුව උදාවී ඇත්තේ දවසේ රාත‍්‍රි කාලය ය. එහෙත් සාදය හමාර වන ලකුණක් පෙනෙන්නට නැත. ආරාධිතයන්ගෙන් ඇතැමෙක් පැමිණි වාහන වතු බංගලාව අවට නතර කොට තිබී ඇති අතර එදින රාත‍්‍රිය ද වෙන්කොට තිබී ඇත්තේ සාදය පිණිසය. සංචාරක බංගලා නිවාඩු නිකේතන ආදිය බහුල සංචාරක පුරවරයක් බැවින් ඒ වනවිටත් මෙම සාදය පිළිබඳ කිසිවකුට සැක සංකා පහළව තිබී නැත. සාදයට සහභාගි වූ තරුණ පිරිසට ද ඒ වනවිට තමන් කරන්නේ කුමක්ද ඉන්නේ කොතැන දැයි නිවැරදි වැටහීමක් නොලැබී යන්නේ ඔවුන් ඒ වනවිට පියවී සිහියෙන් එපිට සිහින ලෝ තුළ අතරමංව සැරිසැරීම හේතුවෙන්ය. ඒ වනවිටත් ඔවුන්ගේ සතුට පිණිස අවශ්‍ය කරන විවිධ මත්ද්‍රව්‍ය රාශියක් සාද භූමියේ පැවතීම සහ හිතේ හැටියට ඒවා පානය කිරීමට හැකි වීම සංවිධායකයන්ගේ මෙන්ම ඒ සඳහා සහභාගි වූවන්ගේ හිතේ සතුට දෙගුණ තෙගුණ කරන කාරණයක් බවට පත්වන්නේය.

විවිධ විසූක දස්සන විකාරරූපී හැසිරීම් මැද 27 දා රැය ගෙවී යන අතර ඒ වනවිටත් සාදය පැවතියේ පෙර පැවති තත්ත්වය යටතේ ය.

මේ සියලූ දේ අතර තවත් එක්තරා සිදුවීමක් සිදුවන්නේය. එනම් දින දෙකකට ආසන්න කාලයක් විහාරගල වතු බංගලාව තුළ සාදයක් පැවැත්වෙන බවට පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් වෙත තොරතුරක් ලැබෙන්නේය.

ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා වෙත ලැබෙන එම තොරතුරත් සමඟ වහාම ක‍්‍රියාත්මක වන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස බණ්ඩාරවෙල ප‍්‍රදේශය භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා වෙත දන්වන අතර පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී ඇත්තේ ඉන් අනතුරුවය. ඒ අනුව පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සාගර දයාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඌව පළාත් දිසා මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් ද එක්ව එම ස්ථානය වටලන ලද අතර ඒ වනවිට ද සාදයට සහභාගි වූ වැඩි දෙනකු පසු වී ඇත්තේ විකාර වූ මානසිකත්වයකින් යුක්තවය. අනතුරුව එම ස්ථානය වැඩිදුරටත් පරීක්‍ෂා කරන පොලිසිය එහි තිබී තවත් මත්ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් තරුණයන්ගෙන් වැඩිදුරටත් පොලිසිය විසින් කළ ප‍්‍රශ්න කිරීම්වලින් හෙළිදරව් වී ඇත්තේ එම සාදය මුහුණු පොත හරහා හඳුනාගත් පිරිසක් විසින් සංවිධානය කළ එකක් බවය. සාදය පිණිස අවශ්‍ය මත්ද්‍රව්‍ය ඇතුළු තවත් බොහෝ දේ මෙම පිරිස විසින් කල් තියා සූදානම් කර ඇති අතර අත්අඩංගුවට ගත් තරුණියගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඇය නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක බව හඳුනාගෙන ඇත. මෙම තරුණ පිරිසගෙන් වැඩි දෙනෙක් හොඳ අධ්‍යාපනයක් සහිත රැකියාවල නියුතු පුද්ගලයන් ය. ඇතැමෙක් තමන්ට අයිති පුද්ගලික යාන වාහන ආදිය යොදා ගනිමින් මෙම සාදය සඳහා එක් වී ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය

* අසීස් මිලිග‍්‍රෑම් 625
* හෂීස් මිලිග‍්‍රෑම් 585
* ගංජා මිලිග‍්‍රෑම් 7030
* මත් පෙති 17
* ගංජා සුරුට්ටු 23
* විෂ මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 01
gossip lanka