‘සුන්දරම රට..සුන්දරම මිනිසුන්..ශ්‍රීලංකාවට ස්තුතියි‘ - සුද්දෝ ලංකාවේ ගුණ වයති (PHOTOS)

මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වූ එංගලන්ත කණ්ඩායම නැවත සිය මව්රට බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් ආපසු යාමට පෙර ශ්‍රී ලංකාවට ස්තුති කොට යන්නට අමතක කර නැහැ.එංගලන්ත නිළ ක්‍රිකට් පිටුවේ ඒ පිළබඳව සඳහන් කොට
තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වා ඇති බොහෝ එංගලන්ත ජාතිකයින් ශ්‍රීලංකාව සහ ලක්වාසින් පිළිබඳව ඉහළින් වර්ණනා කර තිබෙනු දැකගන්නට හැකිවන අතර ඔවුන් පවසන්නේ ශ්‍රීලංකාව පමණක් නොව එහි වෙසෙන ජනතාවද ඉතාමත් සුන්දර පිරිසක් යන්නයි.