එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගාලු කොටු පවුර මතදී සිදුකළ හාස්‍යජනක දේ මෙන්න - Video

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු  ලෙස කටයුතු කරන ඩේවිඩ් ලොයිඩ් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධව සිටින්නේ ඔහුගේ හාස්‍යෝත්පාදක විචාර හේතුවෙන්.

මේ දිනවල එංගලන්ත තරග සංචාරයේ විස්තර විචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ලොයිඩ් ඓතිහාසික ගාලු කොටු පවුර මත හාස්‍යජනක තණතීරු වාර්තාවක් ඉදිරිපත් කළේ
මෙලෙසින්.

අපි මේ තණතිල්ල පිලිබඳ විමසා බලමු. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන තණතිලිවලට වඩා මදක් වෙනස්. මේ තණතිල්ල මත සලකිය යුතු තරම් තණකොළ තිබෙනවා.

නමුත් මා සමග මේ පැත්තට ආවොත් ඔබට බලාගන්න පුළුවන් තණතිලි භාරකරු දඟ පන්දු යවන්නන්ටත් අවස්ථාව ලබා දී තිබෙනවා සම්පූර්ණයෙන්ම තණකොළ ඉවත් කරමින්. ඔබට පෙනෙයි මේ කොටස මගින් දඟපන්දු යවන්නට වාසියක් ලබාගන්න පුළුවන්.

නමුත් තිබෙන ලොකුම ගැටලුව තමයි, ජිමී (ජේම්ස්) ඇන්ඩර්සන් පන්දු යැවීමේදී අඩිය තබන මේ කොටස. ඔබට පෙනෙනවා ඇති තණතිල්ලේ ඉතා කුඩා කොටස් පළුදු වී තිබෙන ආකාරය. එය පිතිකරුවන්ට බෙහෙවින් අසීරු වේවි.

ඊළඟට ඔබට සිදුවෙනවා මෙය උඩින් පනින්නට. එය විශාල ප්‍රශ්නයක් පිතිකරුවන්ට. මේ පාලමක් වගේ ස්ථානය උඩින් පනින්නට ඔබට සිදුවෙනවා.

පිතිකරණ ස්ථානය වෙත පැමිණෙන්නට. මම හිතනවා මෙය ඉතා වේගවත් තරගයක් වේවි කියලා. පන්දුව විවිධාකාරයෙන් හැසිරෙයි. මම හිතන්නේ පන්දුව සර්පයන් වගේ පැමිණේවි.