අනියම් පෙම නිසා බිරිඳට සිය දරුවා ඉදිරිපිටම සැමියා විසින් ඇගේ පාදයක් කපා දුන් අමානුෂික දඬුවම

තම බිරිඳ විසින් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සැකකළ සැමියෙකු ඇයගේ පාදයක් කපා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


අදාළ සිදුවීම වාර්තා වන්නේ බාලි දිවයිනෙන්.

තම නිවසේ නිදා සිටි බිරිඳ අසලට අලුයම එක්වරම පැමිණි අදාළ සැමියා විසින් මෙලෙස අමානුෂිකව
තියුණු ආයුධයකින් ඇයගේ කකුලට පහරදී තිබෙනවා.

තමන් එදින රෝගී ව සිටි පියා බැලීමට යාමට සූදානම්ව සිටියදී එක්වරම පැමිණි සැමියා විසින් මෙම පහරදීම කළබවයි ඇය ප්‍රකාශ කරන්නේ.

අනතුරුව තමන් නැගිට එම ස්ථානයෙන් දිව යාමට උත්සාහ කළද නිවසේ දොර අසල ඇදවැටුණු බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

එහිදී එම ස්ථානයටද පැමිණි තම සැමියා මෙලෙස අමානුෂිකව පහරදුන් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ සැමියා විසින් නිතරම බීමතින් ප්‍රචන්ඩකාරීව හැසිරෙන බවටයි අනාවරණ වී ඇත්තේ.

සැමියා විසින් පාද අමානුෂික ලෙස කපා දැමීමෙන් අනතුරුව අදාළ කාන්තාව නිවස ඉදිරිපිට පාර දිගේ උදව් ඉල්ලමින් කෑ ගසමින් ඇවිද ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන්ගේ කුඩා 9 හැවිරිදි කුඩා දරුවාද බලාසිට ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ මාවතේ කිසිවෙකු නොසිට ඇති අතර මද වෙලාවකින් පසුව පහරුදුන් සැමියා නැවත එම කාන්තාව අසලට පැමිණ තිබෙනවා.

එහිදී ඔහු විසින් තමන් විසින්ම පහරදී දරුණු ලෙස කැපුම් තුවාල සහිතව සිටි බිරිඳව රෝහලට රැගෙනවිත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම අවස්ථාවේ ඔහු රෙදි කඩක් ගෙනවිත් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබූ තුවාල වෙලීමෙනේ අනතුරුව යතුරුපැදියේ තබාගෙන රෝහල වෙත රැගෙන ආ බවයි එහිදී බිරිඳ විසින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී සැත්කමක් සිදුකර ඇති අතර කාන්තාවගේ පාදයෙන් කොටසක් ඉවත්කිරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ පහරදීම සිදුව ඇත්තේ මෙම කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවට සැමියා විසින් සැකසිතීම හේතුවෙන් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.