තමන්ගේ තත්ත්වයට ගැළපෙන විදිහට සැකසෙන ඝානාවේ අමුතු මිනී පෙට්ටි - Photos

ඝානාව මෑතක් වනතුරු ප්‍රසිද්ධ වූයේ කොකෝවා වගාව. දැන් දැන් ගානාව ප්‍රසිද්ධ වී ඇත්තේ අපූරු ගණයේ වැඩ කටයුත්තකට. ඒ විවිධ ලී අනුසාරයෙන්  මිය යන පුද්ගලයන් වෙනුවෙන් සැකසෙන අමුතුම  ආකාරයේ මිනී පෙට්ටි සෑදිල්ලක් පිළිබඳව. ලීයේ දස්කමින් මරණයේ දී පවා පුද්ගලයන් කැමති පන්නයේ මිනී පෙට්ටි මෙම දක්ෂ කලාකරුවන්
අතින් නිමවෙන්නේ අපූර්ව ලෙසය.

ඝානාවට ආවේණික  කොකෝවා ගෙඩිය හැඩයේ  වැනි  මිනී පෙට්ටි මෙහි සුලබව වාර්තා වේ. මන්ද මෙහි බෙහෝ වගා කරුවන් කොකෝවා වගාව සිය පීවනාලිය කර සිටින බැවිනි.

මේ දැක්වෙන්නේ මිරිස් කරලක්  වැනි මිනී පෙට්ටියකි. රතු පාටින් මිය ගිය පුද්ගලයාගේ  ආවේගය හා පෞරුෂය පෙන්වන බව ඔවුන්ගේ විශ්වාසයයි.

කාර් වැනි මිනී පෙට්ටි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඝානාවේ වෙසෙන යමක් කමක් ඇති මිනිසුන් ය.

ගුවන් යානා අනු රූ වලට සමාන මෙම මිනීපෙට්ටිය හදිසියේ අභාවයට පත් වන කුඩා දරුවන් වෙනුවෙනි

ගෙවල් වැනි අනු රෑ සහිත මිනී පෙට්ටි වගට බොහෝ විට හිමිකම් කියන්නේ දේපල හිමිකම් සහිත පුද්ගලයන් ය.

මේ සුවිශේෂී මිනී පෙට්ටිය  ඔවුන්ගේ ගායකයෙකු වෙනුවෙන් නිමවන ලද්දකිමේ වන විට ඔවුන්ගෙේමිනී පෙට්ටි සඳහා විශේෂ ඉල්ලුමක් පවතියි.

මෙම සුවිශේෂී මිනී පෙට්ටිය ඇමරිකාවේ පිලඩෙල්ෆියා හි චිත්‍රාගාරයක ප්‍රදර්ශනය වෙනුවෙන් තබන ලද අනුරුවකි. ගානාවේ මිනී පෙට්ටි කෙතරම් ජනප්‍රිය ද යත් මේ වන විට දකුණු කොරියාව, රුසියාව , ඇමරිකාව හා ඩෙන්මාර්කය වැනි රටවල් පවා මෙම කලාත්මක මිනී පෙට්ටි කලාව  ඉගෙනීම සඳහා ඝානාව වෙත ඒමට යොමුව ඇත.
විශාලතම පුදුමය නම් ඉතා සරල උපකරණ කිහිපයක් භාවිතයෙන් මෙම මිනී පෙට්ටි නිමවා තිබීමයි.


gossip lanka