මාස හයක්‌ තිස්‌සේ පාසල් දැරියව අඹූව කරගත් ත්‍රිරෝද රථ රියදුරු කොටු වූ හැටි

වයස 14 ක බාලවයස්‌කාර පාසල් දැරියක්‌ අපයෝජනයට ලක්‌කළ බවට සැක පුද්ගලයකු දැරිය සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී කොහුවල මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බව කොහුවලපොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි වයස 20 ක්‌ වන ත්‍රිරෝද රථ රියෑදුරකු හා අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක බවත් පොලිසිය
හඳුනාගෙන තිබෙන බව සදහන්.

ඉකුත් 05 දින මෙම සිසුවිය පාසලට නොපැමිණ ඇති බව දන්වා පාසලෙන් ලද දුරකථන ඇමතුමට අනුව ඇයගේ මව ඒ පිළිබඳ කොහුවල පොලිසියට පැමිණිලි කර තිබෙන අතර  පැමිණිල්ලේ සඳහන් පරිදි දැරිය සමග සමීප සබඳතා පැවැත්වූ අයකුගේ දුරකථන ජාලය හා සම්බන්ධ වූ පොලිසියට ඔහු මහරගම ප්‍රදේශයේ සිටින බවට හෝඩුවාවක්‌ ලැබුණු බවත් පැවසේ. ඒ අනුව පාසල ඇරෙන මොහොතේ ඔවුන් පැමිණෙනු ඇතැයි සිතා කොහුවල මංසන්ධියේ රැකවල්ලා සිටි පොලිසියට සැකකරු සමග දැරිය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මාස හයක පමණ කාලයක්‌ සිට පාසල් යන මුවාවෙන් නිවසින් පිටවී ගොස්‌ අනාචාරයේ හැසිරී ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව මහරගම ආසන්නයේ උද්‍යානයක ත්‍රිරෝද රථය තුළදී සහ දින කීපයක්‌ සැකකරුගේ නිවසේදී ද දැරිය අපයෝජනයට ලක්‌ වී ඇති බව හෙළිවී තිබෙන අතර කළුබෝවිල රෝහලේ පැවති අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවෙන් ද දැරියගේ අපයෝජන තත්ත්වය සනාථ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.



gossip lanka