අද ගණිත පන්ති යන්න ඕනෑ නැහැ කියා 14 හැවිරිදි සිසුවිය කෙළෙසූ 19 හැවිරිදි කොන්දොස්‌තර දැලේ

සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ පාළු කඩ කාමරයකට කැඳවාගෙන ගොස්‌ කෙළෙසා සැඟවී සිටි විවාහක 19 හැවිරිදි කොන්දොස්‌තරවරයෙක්‌ පෙරේදා (21 දා) අත්අඩංගුවට ගත් බව සියඹලාණ්‌ඩුව පොලිසිය කියයි.

 සැකකරු බුද්දම මොනරාගල පුද්ගලික බස්‌ රථයක සේවය කරන කොන්දොස්‌තරවරයකු බවට හඳුනාගෙන ඇත. පසුගිය අගෝස්‌තු 9 දින උපකාරක
පන්තියකට යැමට සිටි දැරියට අද ගණිත පන්ති යන්න ඕනෑ නැහැ. අපි බුද්දම යමු කියා කැඳවාගෙන ගොස්‌ බුද්දම බස්‌ නැවතුම්පළ ආසන්නයේ පිහිටි පාළු කඩ කාමරයකට ගෙන ගොස්‌ එහිදී අතවර කළ බව කියන කොන්දොස්‌තර මල්ලී වෙනත් බස්‌ කොන්දොස්‌තරවරයකුගේ නම් ගම් සහිත ලිපිනය ලබාදී ඉන් පිටව ගොස්‌ ඇත.

 මෙම සිදුවීම 2018.08.07 දින සිදු වී ඇති අතර ඉන්පසු සැකකරු මෙම ශිෂ්‍යාව මගහැර ගොස්‌ ඇත. දැරිය තම මවට මෙම සිදුවීම පිළිබඳව දැනුවත් කර ඇති අතර පෙරේදා (21 දා) දින මව ඒ බව සියඹලාණ්‌ඩුව පොලිසියට පැමිණිලි කර ඇත.