කාන්තාවක් සමග ලිංගිකව එක් වී ඇයගේ නිරුවත් ඡායාරූප පෙන්වා වරින් වර කරපු දේ..

කාන්තාවක සමඟ අඹුසැමියන් ලෙස ගතකර ඇගේ නිරුවත් ඡයාරූප ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බව කියමින් බිය ගන්වා ඇයට වරින් වර අතවර කළ පුවතක් වාර්තා වෙනවා. ඒ  යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයකු ගැනයි. ඔහු අදාළ කාන්තාවගේ සැමියාගෙන් පහර කා ඇති අතර ඔහු මෙම 20 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කර තිබෙනවා.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම
වූයේ දෙනගම උතුරු දෙනගම පදිංචිකරුවකු වූ ගුරුසිංහ ප්‍රදීප් ලක්මාල් නම් වූ 38 හැවිරිදි අයටයි.

පෙදෙරේරුවකු වශයෙන් කටයුතු කළ මොහු බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු සමඟ හිතවත්කමක් ඇති කරගෙන ඇති බවත් ඉන්පසු ඔහුගේ බිරිඳ සමඟ සම්බන්ධකමක් ඇතිකරගෙන ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඉන්පසු ඇය සමඟ අඹුසැමියන් ලෙස ගත කර ඇගේ නිරුවත් ඡායාරූප ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බව කියමින් වරින් වර ඇයට අතවර කර ඇති බවත් සදහන්. මෙම තත්ත්වය ඉවසාගත නොහැකි වූ කාන්තාව ඒ බව තම සැමියාට පැවසීමෙන් පසු ඔහු නිවසට එනතුරු රැක සිටි සැමියා තියුණු ආයුධයකින් පහරදී ඇති අතර බරපතළ තුවාල ලැබීමෙන් පසු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවත් සදහන්.