මවගේ අමානුෂික වද හිංසා මැද අවසන් ගමන් ගිය මාස 18ක් වයසැති "බේබි පී" ගේ සංවේදී කතාව - Photos

පීටර්ගේ වයස යන්තම් මාස 18 යි. එහෙත්, මුළු එංගලන්තයටම එක්තරා කාලවකවානුවක් තුළදි ඔහු හැඳින්වුයේ ‘බේබි පී‘ බේබි පීටර් සහ වයිල්ඩ් යන නම්වලින්.

මෙය නීතිමය වශයෙන් නියම වූවක්. එංගලන්තයේ ළමා අපරාධ ඉතිහාසයේ තවත් එක් කඩඉමක් සනිහිටුවන් කළ මේ සිද්ධිය එරට රජයේ ඇතැම් අංශවල සේවය කළ ඉහළ නිලධාරින් ද සේවයෙන් ඉවත් කර දඬුවම් දීමට තරම් දුර දිග ගිය සිද්ධියක් වුණා.

බේබී පී ගේ මව ට්‍රේසි. මවට තවත් දරුවන් හිටියත්
මේ කාලය වෙද්දි ඈ ළඟ හිටියේ බේබී පී විතරයි.

දරුවා ඉපදී ටික දිනකින්ම ට්‍රේසී දරුවාගේ පියාගෙන් වෙන්වුණා. එතැන ඉඳන් මාස හයක පමණ කාලයක් ඇය කල් ගෙවන්නේ තනියමයි.

ට්‍රේසි ඒ වෙද්දිත් පීටර්ගේ පියා සමඟ විවාහ වෙලා හිටියේ නෑ. ඒත් ඔවුන්ට පීටර් හැර තවත් දරුවනුත් හිටියා.

පීටර්ගේ පියා ට්‍රේසි අත්හැර දමා ගියේ ඇය ඒ අතරෙදිත් වෙනත් පිරිමින් ඇසුරු කරපු නිසයි.

ස්ටීවන්, ට්‍රේසිගේ ජිවිතේට ළංවෙන්නේ ඒ අතරතුරෙදී.

ට්‍රේසී පදිංචි වෙලා හිටියේ උතුරු ලන්ඩනයේ. මේ වෙද්දි ඇයට අවුරුදු විසි හයයි. ස්ටීවන්ට අවුරුදු 31 යි.

පීටර්ගේ ඇඟ පුරාම තුවාල සිද්ධ වෙලා තිබුණා. ඒ වගේම සීරිම් ලකුණුත් තිබුණා. ඒ වෙනකොට පීටර්ට යන්තම් මාස නවයක් පිරුණා විතරයි.

පීටර්ගේ ශරීරයේ වැඩිපුරම තුවාල වෙලා තිබුණේ මුහුණ සහ පපුවයි. ට්‍රේසී දරුවා අරගෙන වෛද්‍යවරයා ළඟට ගියා. ඇය කිව්වේ දරුවා වැටීම නිසා මේ තුවාල සිද්ධ වුණා කියලයි. නමුත් වෛද්‍යවරයාට මේ ගැන සැක හිතුණා.

එහි ප්‍රථිපලය වුණේ ට්‍රේසි රිමාන්ඩ් භාරයටත් පීටර් (දරුවා) ට්‍රේසිගේ මිතුරියගේ බාරයටත් පත් කිරීමයි.

පීටර්ගේ තුවලා සිදු වී ගත වුණේ මාසයයි. ඒ වෙද්දි ට්‍රේසි නැවත නිවසට පැමිණ සිටියා. පීටර් යළිත් භාරවුණේ ඇයටමයි.

පීටර්ට යන්තම් අවුරුද්දක් පිරුණා විතරයි, පීටර්ව ආයෙමත් රෝහල්ගත කෙරුණා.

මෙවර වෛද්‍යවරයා ඇඟ පුරාම ඇති තුවල ගැන විමසීමක් කළා.

‘‘මේ දරුවාගේ මේ තරම් තුවාල ඇයි...?‘‘

‘‘මගේ පුතාගේ හම නිතරම තුවාල වෙනවා ඒ නිසයි..‘‘

‘‘එතකොට ඇඟ පුරා තියෙන ඇඟිලි පාරවල්..?‘‘ වෛද්‍යවරයා විමසුවා.

‘‘ආ ..... ඒ අපි දරුවා හුරතල් කරන්න ඔහු උඩ දාලා අල්ලගනිද්දි අපේ ඇඟිලි සලකුණු වැදිලා...‘‘ ට්‍රේසි උත්තර දුන්නා.

වෛද්‍යවරයාට ඇගේ පිළිතුරු ලබා දීම ගැන සැකයක් ඇතිවුණා. ඒ නිසාමයි ඔහු ඔවුන්ගේ නිවස පරීක්ෂා කරලා බලන්න තීරණය කරන්නේ.

‘‘හරිම අපිරිසිදු නිවසක්.. ගේ හරිම අවුල්.. ගේ ඇතුළෙත් බල්ලන්ගේ මුත්‍රා ගඳ හමනවා...‘‘

කෙසේ වෙතත් පීටර් මේ විදිහටම වරින් වර රෝහල්ගත වුණා. මේ නිවසේ ඒ වෙද්දි එකොළොස් දෙනෙකුගේ පිරිසකුත් හිටියා.

දිගින් දිගටම කරපු පරීක්ෂණවලින් තීරණය වුණු දේ තමයි පීටර් ගේ තුවාල යම් අපහරණයක් නිසා සිදු වුණාය කියන එක.

කාලයක් ඔය විදිහට ගෙවිලා ගියා. පීටර් වරින් වර අසනීප වෙන එක නවත්තන්න බැරි දෙයක් වුණා.

ඒ විදිහට රෝහල්ගත් වුණු එක වරෙක පීටර්ගේ ශරීරයේ තිබුණු තුවාල ගණන 50ක් බවත් සඳහන්.

එක් දිනෙක, ට්‍රේසී, දුරකථන ඇමතුමක් ගන්නව හදිසියේම,

‘‘මගේ දරුවාට අසනීපයි. වහාම එන්න...‘‘

ඒ අනුව ගිලන් රථයක් නිවසට ආවා. දරුවා භාර දුන් ඈ වහාම තමාගේ සිගරැට් පැකට්ටුව ගෙන ඒමට දිව ගියා කියලත් සඳහන්.

ඒත් ඒ තමයි පීටර්ගේ අන්තිම දවස.

තාමත් මාස 17ක් විතරක් වුණු කිරි කැටියා හැම වද වේදනාවක්ම අවසන් කරන්නේ ඒ දවසේ. වෛද්‍යවරු කොපමණක් උත්සහ කළත් පීටර්ව බේරගන්න බැරිවුණා.

මරණ පරීක්ෂණයේදි හෙළි වුණේ මුහුණට අතමිට මොළවා එල්ල කළ පහරක් නිසා දතක් ගැලවී හුස්ම හිරවීමෙන් සිදු වූ මරණයක් බවයි. කුඩා පීටර් කුඩා වයසකදි දරුවෙකු මුහුණ නොදෙන තරම් ලිංගික සහ දරුණු ශාරීරික වද හිංසාවලට ගොදුරු වී ඇති බව හෙළි වුණේ ඉන් අනතුරුවයි.

දරුවාගේ පිට කොන්ද හා ඉහළ ඇට බිඳි නියපොතුද ගැලවී තිබුණා. මේ සියල්ලම අමානුෂික වද හිංසාවල ප්‍රථිපල බව පරීක්ෂණවලින් හෙළි වුණා.

පොලීසිය වහාම පීටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ට්‍රේසිව අත්අඩංගුවට ගත්තා. ස්ටීවනුත් අත්අඩංගුවට ගත්තා.

ඔවුන්ගේ සැබෑ තොරතුරු හෙළි වුණේ ඊට පස්සේ. කුඩා පීටර්ට ඔවුන් බොහෝ දරුණු වද හිංසා සිදු කොට තිබුණා.

පීටර්ගේ මරණයට වග කිව යුතු බොහෝ දෙනෙක්ට චෝදනා විභාග වුණා.

බේබී පී කොපමණක් ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් වුණාද කිවහොත් එය පාර්ලිමේන්තුවේ පවා විවාදයට බඳුන් වුණා. බේබී පී නිසා අදාළ ප්‍රදේශයේ සුබසාධක නිලධාරින් ඇතුළු බොහෝ දෙනෙකු සේවයෙන් පවා පහ කෙරුණා.

දරුවා බේබී පී නමින් හඳුන්වන්න ආසන්නතම හේතුව වුණේ නඩු විභාගයට අදාළව නම් ප්‍රසිද්ධ නොකිරීමට සම්බන්ධව ලැබුණු නියෝගයක්.

ඒ නිසා මෙම නඩු විභාගය හඳුන්වනු ලැබුවේ ‘‘බේබි පී‘‘ යන අන්වර්ථ නාමයෙන්.

වරදකරුවන් වූ අයවුන්ට දිගුකාලීන දඬුවම් හිමි වූ බවද සඳහන්.


gossip lanka