පෙම් වේදනාවෙන් හිත බිදෙයි.. හමුදා සෙබලා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන දිවි නසාගනී..

යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා කඳවුරක සේවයේ නිරත නාවික හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන සිටියදී එම සෙබලාගේ මළ සිරුරු (31) දින යාපනය රෝහල වෙතට භාර දුන බවට කන්කසන්තුරෙයි පොලීසිය කියා සිටියේය.

කන්කසන්තුරෙයි උත්තර නාවික හමුදා කඳවුරේ
සේවය කරන ලද අනුරාධපුර රණජයපුර ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි එස් අබේරත්න නැමති නාවික හමුදා සෙබලෙකු මෙසේ වෙඩිතබාගෙන මිය ගොස් ඇති බවට කන්කසන්තුරෙයි පොලීසිය අනාවරනය කරගෙන ඇත.

අදාල නාවික සෙබලා කන්කසන්තුරෙයි උත්තර නාවික හමුදා කඳවුරේ වසර එකහමාරක සේවා කාලයක් සේවයේ යෙදී ඇති අතර වෙඩි තබාගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවට කන්කසන්තුරෙයි පොලීසිය සැක පල කර සිටියි.

මිය ගිය නාවික හමුදා සෙබලා වෙඩිතබාගෙන ඇත්තේ පසුගිය 30 වනදා රාත්‍රියේ බවට තොරතුරු හෙලි වී ඇති අතර නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරල ආසන්නයේ පිහිටි ස්ථානයකදී වෙඩි තබාගෙන මියගොස් ඇති අතර මළ සිරුර 31 වනදා උදෑසන හමු වී ඇති බවට පරික්ෂණ සිදු කරන කන්කසන්තුරෙයි පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka