යුධ සමයේ අර්ජුන මහේන්ද්‍රන් කළ තවත් ජිල්මාට් එකක තොරතුරු හෙළි වේ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සමයේ කිසිදු බදු ගෙවීමකින් සහ පරීක්‍ෂාවකින් තොරව කන්ටේනර් රැසක් වන්නියේ කොටි අඩවියට ගෙන ගොස් ඇත.

මේ බවට තොරතුරු වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසු හෙළිවුවත් ඊට අදාළ පරීක්‍ෂණ යටපත් වී තිබේ.

නෝර්වේ රජය විසින් ලබාදුන් ගුවන්විදුලි

සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළත් කන්ටේනරයටද බදු ගෙවා නැති බව රේගුව සොයාගෙන තිබුණි.

මේ කන්ටේනරයද වන්නියට ගෙන ගොස්‌ ඇත්තේ කිසිම හමුදා විමර්ශනයකින් තොරවය.

කොටි සංවිධානයට වාසිදායක ලෙස අර්ජුන මහේන්ද්‍රන්ගේ පියා වූ හිටපු තානාපති චාලි මහේන්ද්‍රන් කළ ප්‍රකාශයක්‌ ගැන වසර කිහිපයකට පෙර අනාවරණය විය.