පුංචි තිරේ වැඩසටහන් තිත්තයි - අනෝජා වීරසිංහ

එදා සිංහල සිනමාව විචිත‍්‍ර කළ ප‍්‍රවීණ රංගන ශිල්පිනියක් අද  කැඳවාගෙන එන්න සිතුවා. ඇය සිංහල සිනමාව තුළ කිසිවෙකුටත් ළඟා විය නොහැකි මට්ටමේ රංගන ප‍්‍රතිභාවක් සතු වූ විවිධ චරිත රාශියකට ජීවය දුන් රංගන වේදිනියකි. ටක් ටික් ටුක් චිත‍්‍රපටය හරහා පුංචි දර්ශනයකට රංගන දායකත්වය ලබා දෙමින් ඇය සිනමාවට පා තබන්නේ් 1978 වර්ෂයේදී. එතැනින් ආරම්භ වූ රංගන ජීවිතයේ හොඳම නිළිය සහ ජනප‍්‍රියම නිළිය වෙමින් සිය ජීවිතය කැමරා කාචයක සිත්තම් කළ ඇය සම්මානීය රංගන වේදිනී අනෝජා වීරසිංහයි.

කොහොමද ජීවිතේ?

ජීවිතේ සැනසීමෙන් ගලා ගෙන යනවා. වරදක් නැහැ. ජීවිතේ හරි සුන්දරයි. කැමරා කාචයකින් කියන්න බැරි සුන්දර චිත‍්‍රපටි අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා.

ඔබතුමියට මොකද හිතෙන්නේ මේ ජීවිතේ ගැන?

ජීවිතේ ගැන මම ගොඩක් තෘප්තිමත්. මම ජීවිතේ බොහෝ භෞතික දේවල් වුමනාවටත් වැඩිය ලැබුවා. එදා සිංදු කියලා නටපු රඟපාපු කෙනා දිහා හැරිලා බැලූවාම එයා ජීවිතේ බාහිරින් සොයපු කෙනෙක් අද මම ජීවිතේ ගැඹුරින් සොයාගෙන සොයාගෙන යන කෙනෙක්.

ඔබ අභින තුළින් හොඳ අලූත් පරපුරක් හැදුවා. මම හිතනවා ඔබට ඒ සතුට ඇති ජීවිතයේ ගුරුවරියක් විදියට බැලූවොත්?

අපේ රටේ ගොඩක් දක්ෂ දරුවෝ ඉන්නවා. මම හැදුවා කියන එකට වැඩිය ඒ දරුවන්ගේ දක්ෂතා මතු කර ගැනීමට මඟ පෙන්වීමක් කළා කියලා කිව්වොත් හරි. අභින තුළින් ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් ගායන ක්ෂේත‍්‍රයේ රංගන ක්ෂේත‍්‍රයේ ඉන්නවා. ඒ දරුවෝ දිහා බලලා ඇත්තටම මම ජීවිතේ ගොඩක් සතුටු වෙනවා. මම යෝගා වැඩසටහන් කරනවා. අද මම යෝග ගුරුවරු 100කට අධික ප‍්‍රමාණයක් පුහුණු කරලා තියෙනවා. අපේ රටේ යෝගා ගුරුවරු සහ යෝගා ප‍්‍රචලිත කිරීම මගේ එක බලාපොරොත්තුවක්. ඒ වගේම නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරුන් ගොඩක් මම පුහුණු කරලා තියෙනවා. ඒ අය අද පාසල් වල ගුරුවරු ලෙස සේවය කරනවා.

මේ දක්ෂතා ඉස්මතු කර ගන්න මහන්සි වෙන පරපුරට මේ කලාව ඇතුළේ හිට ගන්න තැනක් අද තියෙනවද?

දක්ෂ අයත් ඉන්නවා. ඒත් හොඳ චිත‍්‍රපට ටෙලි නාට්‍ය නැහැ. හැම මාධ්‍යයකම පෙන්වන්නේ ඉන්දියානු කොරියානු ටෙලි නාට්‍ය අද නළු නිළියෝ සුදු වෙන්න ඉන්ජක්ෂන් ගහන තැනට පත් වීමේ ප‍්‍රධාන හේතුව ඉන්දියානු සහ කොරියානු ටෙලි නාට්‍ය. අපේ නළු නිළියොත් ඒ වගේ වෙන්න හදනවා. මේ ළඟදී එක අධ්‍යක්ෂවරයෙක් මට කතා කරලා අහනවා සාමාන්‍ය පාට හමක් තියෙන නිළියෙක් ඉන්නවද කියලා. මට හිනා ගියා. ඔහු කියනවා ඔහුගේ චරිතයට ගන්න දක්ෂ අය ඉන්නවාලූ. ඒත් ඒ අය අසීමිත ලෙස සුදුයිලූ. ඉතින් ඒ චරිතයට ගැළපෙන්නේ නැහැලූ.

අපි අතපත ගාලා හැදුණේ අපට පෙර පරම්පරාවේ හිටපු පරමාදර්ශී චරිත දිහා බලලා. ඒත් දැන් එන අලූත් අයට බලලා හරි හැදෙන්න පරමාදර්ශී පරපුරක් නැහැ.

ගැමි පරිසරයට බෙහෙවින් ආදරය කරපු ඒ සුන්දරත්වය විඳපු කෙනෙක් ඔබ?

මම ඉපදෙන්නේ බදුල්ලේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම කලාවට ගොඩක් බද්ධ වෙලා හිටපු දෙන්නෙක්. මගේ තාත්තා ඌව කලාකවයෙන් කරපු නාට්‍ය වල රඟපෑවා. බැරිස්ටර් හාමු, හිඟන කොල්ලා වගේ නාට්‍ය වල රඟපෑවා. එතකොට මම ගොඩක් පුංචියි. ඒ වගේම මගේ අම්මටත් ලස්සනට සිංදු කියන්න පුළුවන්. ඒ දේවල් අපට ජානමය වශයෙන් පිහිටන්න ඇති කියලා මම හිතනවා.

තාත්තා රඟපානවා දැකලා මටත් පොඩි කාලේ ඉඳලා රඟපාන්න, නටන්න සිංදු කියන්න ආසාවක් තිබුණා. මට මතකයි මට අවුරුදු අටක් විතර ඇති එතකොට. තාත්තා බැරිස්ටර් හාමු රඟපානකොට එක තැනකදී බැරිස්ටර් හාමු වෙඩි තියාගෙන මැරෙනවා. ඒ වෙලාවෙ මම හූ කියලා කෑ ගැහුවා. තාත්තා මැරුණා කියලා. මගේ ඇඬිල්ල නතර කරන්න බැරුව වේදිකාව එහා පැත්තට ගිහිල්ලා තාත්තාව පෙන්නුවාම තමයි ඇඬිල්ල නතර වුණේ.

මගේ තාත්තා හරිම විනෝදකාමී පුද්ගලයෙක්. ටිකක් බීලා තමයි හැමදාම ගෙදර එන්නේ. ඇවිල්ලා අපිව ඇහැරවලා ගෙනාපුවා කන්න දෙනවා. ඊට පස්සේ අපි සිංදු කියලා නටන්න  ඕන. හැම සිකුරාදාවකම අපේ පවුලේ දොළොස් දෙනාවම දාගෙන තාත්තා එක්ක යනවා විනෝද චාරිකා.

ඔහොම ඉන්න කොට තාත්තා දේශපාලන පළි ගැනීමකට ලක් වෙලා රැුකියාව අහිමි වුණා. ඊට පස්සේ බාප්පලගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙන්න තාත්තා බදුල්ලෙන් ගියා. මේ තත්ත්වය උඩ අම්මා තීරණය කළා මායා අක්කාගෙන් පහළ ඉන්න හය දෙනා මොණරාගල එක්ක යන්න. අනිත් ලොකු අයියලා අක්කලාව තාත්තා කොළඹ ඉස්කෝල වලට දාලා කොළඹ තියා ගත්තා. ඒ විදියට මගේ ජීවිතේ බදුල්ලෙන් මොණරාගලට එනවා.

බදුල්ලෙන් මොණරාගලට එන ගමන ඔබගේ ජීවිතයේ ඉරණම වෙනස් කළා කිව්වොත්?

ඔව්. අපි මොණරාගල ගෙදර එනකොට ගෙදරට ලයිට් වත් තිබුණේ නැහැ. අපි පාඩම් කළේ ලාම්පු එළියෙන්. ගඟවල් වලට පනිනවා. මායා අක්කටයි මටයි හොඳට ගස් නගින්න පුළුවන් පුදුම විදිහට පරිසරය එක්ක අපි බද්ධ වෙලා හිටියා. චිත‍්‍රපටි වල චරිත නිරූපණය කරද්දිත් ගෙවපු ගමේ ජීවිතය මට හොඳ අද්දැකීමක් වුණා.

ගැමි චරිතවල මට රඟපාන්න දෙයක් තිබුණෙම නැහැ. ඒ චරිත මට සාමාන්‍ය දේවල් වුණා. ඉස්සර ගමේ අයත් එක්ක අපි මොණරාගල සිරිරම්‍ය හෝල් එකේ චිත‍්‍රපටි බලන්න යනවා. හැතැම්ම 4 හුළු අතු පත්තු කරගෙන පයින්ම තමයි ගෙදර එන්නේ. ඒ කාලේ බස් නැහැ. චිත‍්‍රපටි බලලා පයින් ගිය කෙල්ල මල් දෙනියේ සිමියොන් චිත‍්‍රපටයේ රඟපාලා ජාත්‍යන්තර සම්මානයක් ගනීවි කියලා කවුද හිතුවේ. ඇත්තටම මොණරාගල ජීවිතය මගේ ජීවිතේ ගොඩක් වෙනස් කළා.

තත්පර 30 න් පටන් ගත්ත ඒ සිනමා ගමන ගැන මොකද හිතෙන්නේ?

මගේ පළමු වෙනි රංගන අද්දැකීම තමයි සටන. ඊට පස්සේ චන්ද්‍රිකා කාරියවසම් මගේ යාළුවා තමයි ටක් ටික් ටුක් ෆිල්ම් එකේ පුංචි කොටසක් තියෙනවා. ඒක කරන්න හිටපු කෙනා ඇවිත් නැහැ කියලා මට මේක කරලා දෙන්න කිව්වා. තප්පර 30 කට පුංචි කොටසක් තමයි මම කළේ. ටක් ටික් ටුක් කියන කොට ඒ චරිතය ඉවර වුනා. මාලනී අක්කලා, ගීතා අක්කලා දැක්කාම මට එදා හිතුණෙත් හඳවල් වගේ ලස්සන මුහුණු තියෙන්න  ඕනේ නිළියක් වෙන්න. මම ඒකට සුදුසු නැහැ කියලා.

කොහොම වුණත් ගලාගෙන ආපු සිනමා ජීවිතේ එක තැනදී මුණ ගැහෙනවා ඞී.බී. නිහාල් සිංහයන්. ඔහු ඔබට යෝජනා කරනවා මල් දෙනියේ සිමියොන් චිත‍්‍රපටයට එක් වන්න කියල. විරෝධතා මැද්දේ ජාත්‍යන්තරයට ගිය ගමන අපි පොඞ්ඩක් මතක් කරමුද?

ඒ වෙන කොට මම ගොඩක් චිත‍්‍රපටි වල රඟපාලා තිබුණා. ඒ අතර හොඳ චිත‍්‍රපටිත් තිබුණා. ඒ දවස්වල මම වැඩපුරම හිටියේ මල් ගස් වටේ සින්දු කිය කියා නටන චරිත වලට සාරංගා, කැලෑ මල්, මිහිඳුම් සළු, මුහුදු ලිහිණි, ගොඩක් හොඳ චිත‍්‍රපටි කරලා තිබුණට ගොඩක් දෙනා මාව පිළිඅරගෙන තිබුණේ මල් ගස් වටේ සින්දු කියන තරුවක් කියලා.

මල් දෙනියේ සිමියොන්් එකට කතා කළේ මට නිහාල් සිංහ මහත්තයා. ඇරැුව්වල නන්දිමිත‍්‍ර මහත්තයා මට කවදාවත් මුණ ගැහිලා තිබුණෙත් නැහැ. නන්දිමිත‍්‍ර මහත්තයා මාව චිත‍්‍රපටයට ගන්න කැමති වුණේ නැහැ කියලා ඒකට මම කවදාවත් නන්දිමිත‍්‍ර මහත්තයා එක්ක තරහ වුණේ නැහැ. ඔහුට මම කවදාවත් දොස් කියන්නේත් නැහැ. නිර්මාණයක් කියන්නේ කෙනෙක්ගේ දරුවෙක් වගේ. ඒ චරිතයේ ජීවිතය දන්නේ ලියන කෙනා. ඔහු තුළ මට මේ චරිතය කරගන්න බැරි වේවි කියන සැකය අවිශ්වාසය තිබුණ නිසා මේ චරිතය මට දෙන්න බය වුණා. ඔහු හිතුවෙම ඒ වගේ ද්විත්ව චරිතයක් මට කරන්න බැරි වේවි කියලා. අම්මයි දුවයි කියන චරිත දෙක හරියට අහස පොළව වගේ. නිහාල්සිංහ මහත්තයට මම ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ කාලේ ජනප‍්‍රිය චරිත කිහිපයක් ඇරැුව්වල මහත්තයා මේකට යෝජනා කරලා තිබුණා. ඒ වෙලාවේ මේකට ගැළපෙන්නේ අනෝජා, එයාට දෙනවා නම් මේ චරිතය මම චිත‍්‍රපට කරන්නම් නැත්නම් චිත‍්‍රපට කරන්නේ නැහැ කියන තැන නිහාල් අයියා හිටියා. මගේ වාසනාවකට ඒ චරිත දෙක මට සාර්ථකව කර ගන්න පුළුවන් වුණා.

නිහාල් අයියා, ජෝ අයියා, ස්වර්ණා අක්කා, විල්සන් කරු, දයා අල්විස් මේ හැම කෙනෙක්ම මල් දෙනියේ සිමියොන් චිත‍්‍රපට ජාත්‍යන්තර සම්මානයක් දක්වා යන්න මට ලොකු සහයෝගයක් දැනුමක් ලබා දුන්නා. අපි ලබපු අද්දැකීම් අද පරපුරට නිහාල් සිංහයන් වැනි දක්ෂ අධ්‍යක්ෂවරයෙකුගෙන් ලබා ගන්න බැරි වුණානේ කියන දුක මට තියෙනවා.

මේ චිත‍්‍රපටයත් එක්ක ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනියක් ලබා ගත්ත උසස්ම සම්මානය පළමු ජාත්‍යන්තර සම්මාන හොඳම නිළිය සම්මානය ඔබ ලංකාවට ගෙනාවා?

පළමු ජාත්‍යන්තර සම්මාන උළෙලනේ. ඉතින් මොකද වෙන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ. අපේ චිත‍්‍රපටය අන්තිම 24ට තේරිලා තිබුණත් තුන්හිතකවත් තිබුණේ නැහැ මේ සම්මානය මට ලැබේවි කියලා. නිහාල් අයියා කිව්වම හොඳම නිළිය සම්මානයට ඔයාවයි නිර්දේශ වෙලා තියෙන්නේ කියලා මට සතුට දරා ගන්න බැරි කමට ඇඬුණා. එදා හොඳම නිළියට හිමි ජාත්‍යන්තර සම්මානය ගත්තට පස්සේ මගෙන් විදේශීය මාධ්‍යවේදියෙක් ඇහුවා ප‍්‍රශ්නයක් මොකක්ද ඔයාගේ රංගන පාසල කියලා. මම ඒ වෙලාවේ හොල්මන් වෙලා ගියා. මොකද රංගන පාසලක් ගැන කියන්න අපි රංගන පාසලක් ගැන දැනගෙනවත් හිටියේ නැහැ. මම කිව්වා අපට රංගන පාසලක් නැහැ. අපි එහෙම දෙයක් දන්නෙත් නැහැ කියලා. ඒ අය විශ්වාස කළේ නැහැ. මල් දෙනියේ සිමියොන් බලලා ඒ අය කිව්වේ ඒක විශ්වාස කරන්න බැහැ කියලා. මට  ඕන වුණා මොකක්ද මේ රංගන පාසල කියන්නේ කියලා සොයාගෙන යන්න.

ඊට පෙර ඔබට මුණ ගැහෙනවා විශිෂ්ට සිනමාකරුවකු වන පෝල් කොක්ස්ව?

ඔව්. දෙවැනි චිත‍්‍රපට උළෙලට ගිය වෙලාවේ තමයි පෝල් කොක්ස්ව මට මුණ ගැහෙන්නේ. ඔහුගේ වැඩ මුළුවකට අපිට යන්න අවස්ථාව ලැබුණ වැඩමුළුව ඉවර වෙලා ඔහුත් සමග කතා කරන කොට මගෙන් ඔහු ඇහුවා මගේ අයිලන් චිත‍්‍රපටයේ රඟපාන්න කැමතිද කියලා. ඒ වෙලාවේ මට හරි පුදුම හිතුණා.

මම වගේ කෙනෙකුට මෙහෙම ආරාධනාවක් කළේ ඇයි කියලා. කොහොම හරි මම පොල් කොක්ස් මහතාගේ අයිලන් චිත‍්‍රපටයේ රඟපෑවා. ග‍්‍රීසියේ තමයි රූගත කිරීම් තිබුණේ. ඉතින් ඒ චිත‍්‍රපටයෙ රඟපෑවට පස්සේ මට විශාල මුදලක් ලැබුණා. ඒ මුදල අරගෙන මම කල්පනා කළා රංගන පාසලක් සොයාගෙන යන්න  ඕන කියලා.

ඊට පස්සේ ඔබ යනවා එංගලන්තයට?

ඔව්. ඇත්තමට ඒ ගියාට පස්සේ තමයි රංගනය කියන්නේ මොකක්ද ඒ සඳහා අපි සකස් විය යුත්තේ කොහොමද? නළුවෙක් නිළියක් හුස්ම ගන්න තැන ඉඳලම අපි හදා ගන්න  ඕන ආකාරය මේ සියල්ලටම මම ඉගෙන ගත්තේ ලැම්ඩා ගියාට පස්සේ. ඒ ගමන යන්න මට ලේසි පහසු වුණේ නැහැ. පරීක්ෂණයක් පවත්වලා ඒ පරීක්ෂණයෙන් සමත් වුණොත් තමයි රංගන පාසලට ගන්නේ. මම හිතුවා ඒ පරීක්ෂණය මට සමත් වෙන්න බැරි වේවි කියලා වාසනාවකට මාව ලැම්ඩා රංගන පාසලට තේරුණා.

ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා ගුරු ගෙදර, ජුලියට්ගේ භූමිකාව, යකඩ පිහාටු සෙයිලම වැනි හොඳ නිර්මාණ ගනණාවකට දායක වුණා. ඔය අතරේ මම අභින වැඩ මුළුව ආරම්භ කළා. ප‍්‍රායෝගිකව රංගනය හදාරන්න අපිට තැනක් තිබුනේ නැහැ. ඒ තැන හදන්න  ඕන කියලා මම කල්පනා කළා.

අභින සාර්ථකයි කියලා ඔබ හිතනවද?

අද රංගනය ගැන නිසි අවබෝධයක් ගොඩක් අයට නැහැ. ශේෂ්පියර් කියලා තියෙනවා මුළු ලොවම රඟහලකි වෙතිය හැකි නළු නිළියන් ඇත උන්ට ඇතුල් වීමක් සහ නික්ම යාමක් තම ජීවිත කාලෙද ආයෙත් රඟයි නෙක භූමිකා. අපි හැම කෙනෙක්ම ජීවිතේ නොයකුත් භූමිකා රඟපානවා.

නළුවාගේ ශරීරය කියන්නේ අසීරු වාද්‍ය භාණ්ඩයක්. අපිට භෞතික ශරීරය සහ භාවයන් හඳුනන සිතක් තියෙනවා. මෙන්න මේක හරියට හසුරවන්න බැරි නම් කරන රංගනයන් ආසර්ථකයි. අද ගොඩක් නළු නිළියෝ වැඩි තැනක් දීලා තියන්නේ භෞතික දේවල් වලට. චරිතයේ ජීවිතය නළුවා දන්නේ නැත්නම් ඔහුට සාර්ථක රංගනයක යෙදෙන්න අමාරුයි.

සල්ලි ටිකක් යහමින් තියෙනවා නම් අද  ඕනෑම කෙනෙකුට කැමරාවක් අරගෙන ගිහිල්ලා මොනවා හරි ටිකක් පටිගත කරලා අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුළුවන්. නරකම දේ අපේ රටේ  ඕනෑම දෙයක් කරන්න සුදුසුකම් අවශ්‍ය නැති එක.

දැන් වගේ අපේ කාලේ සෙට් එකම ඇවිත් චරිත ලිව්වේ නැහැ. දැන් චරිතය දිගටම ඇදගෙන යන්න බැරි නම් චරිතය මරලා දානවා. ඒ වගේ පුදුමාකාර රඟපෑම් තමයි දැන් තියෙන්නේ. අද නළු නිළියන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ තියෙන්නේ පුදුම අහංකාර කමක්. ඒ කාලේ අපි එහෙම නැහැ. මුළු රටක් අපට ආදරේ කළේ ඒකයි. එදා අපිට පිටපත දුන්නම චරිතයට කැමති නම් තමයි මුදල කතා කරන්නේ. දැන් ඔක්කෝටම කලින් මගේ ගාන වෙච්චරයි කියලා කියනවා. එදා අපිට රඟපෑමෙන් ලැබුණ මුදලෙන් සෑහීමකට පත් වුණා. ඒවා අපි හරි අරපිරිමැස්මෙන් වියදම් කළා. පවුලේ අයටත් උදව් කරගෙන තමයි මම මේ ගමන ආවේ.

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍ය ඔබතුමියගේ ජීවිතේ තවත් එක හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා?

ඇත්තටම ඒ නාට්‍ය මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. දැන් අවුරුදු දහ අටක් තිස්සේ මම ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයේ තවමත් රඟපානවා. එදා රඟපාපු අයගේ වැඩි දෙනෙක් අදටත් වේදිකා නාට්‍යය එක්ක ඉන්නවා.

ජීවිතේ ¥විලි මතින් නැගිටින්නත් ධර්මසිරි අයියා මට ඉගැන්නුවා.

99 දෙසැම්බර් මගේ ගෙදර ගිනි තියලා ප‍්‍රශ්න ඇති වුණ වෙලාවේ මම ජනවාරි ඉන්දියාවට ගිහිල්ලා මාර්තු මාසේ නැවත ලංකාවට ආවා. ඒ ආවේ ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යය පෙන්වන්න ගියා ලයනල් වෙන්ට් එකේ. මම ආවේ ඒකට.

ලයනල් වෙන්ට් එකේ ට්‍රෝජන් කාන්තාවෝ කරන්න යනකොට ඉහළින් නියෝග ආවා. පෙන්වන්න දෙන්නේ නැහැ. ලයනල් වෙන්ට් එකට බෝම්බ ගහනවා කියලා. ඒ වෙලාවේ අර්ජුන රණතුංග එතකොට ක‍්‍රිකට් කැප්ටන් මට කතා කරලා කිව්වා.

අක්කා අපි කට්ටියම එනවා. නාට්‍යය නවත්තන්න එපා පෙන්වන්න කොහොම හරි කියලා කිව්වා. අර්ජුනලා වගේ ගොඩක් උගත් බුද්ධිමත් බොහෝ දෙනෙක් එදා අපිට ශක්තියක් වෙන්න ලයනල් වෙන්ට් එකට ආවා. එදා එයාර් පෝර්ට් එකෙන් මාව අරගෙන වාහනේ යට නිදි කරවගෙන තමයි ලයනල් වෙන්ට් එකට මාව ගෙනාවේ. අපේ මුළු නාට්‍යය කණ්ඩායම එදා කිව්වේ බෝම්බ ගැහුවොත් අක්කා අපි එකට මැරෙමු කියලා.

 ජීවිතේ මරණ බය කියන එක එදා ඔය හදවතට දැනෙන්න ඇති?

මට බය හිතුණේ නැහැ. මම මේ නාට්‍යයේ ස්ටේජ් එක උඩ තනියම හිටගෙන ඉන්න බොහෝ තැන් තියෙනවා. ඒ වෙලාවේ දී මට හිතුනා මම ගන්න අන්තිම හුස්ම වෙන්න ඇති මේ කියලා. පේ‍්‍රක්ෂකයෝ කවුරු හරි එහාට මෙහාට වෙන කොට ආ දැන් වෙඩි තිබ්බා තමයි කියලා පොඩි ගැස්මක් ඇති වුණා. ඒත් නළුවෙකුට නිළියකට මැරෙන්න තියෙන හොඳම තැන වේදිකාව කියලා හිතලා පැය දෙක හමාරක් එදා මම රඟපෑවා.

මවක් විදිහට ඔබ ජීවිතේ සාර්ථකයිද?

මම ජීවිතේ මතක් කරන්න කැමති එකම කෙනා මගේ දුව. ජීවිතේ මට ලැබුණු වටිනාම තෑග්ග තමයි දියණිය. මම මගේ දියනියට කුඩා කාලේ ඉඳලම හරි වැරැුද්ද කියලා දුන්නා. අද දෙමාපියෝ කරන්නේ පොඩි එවුන්ව අරගෙන ගිහිල්ලා ටෙලි විෂන් වල නටවන එක සින්දු කියනව එක විතරයි හොඳ නරක කියලා දෙන්නේ නැහැ. උඹ කොහොම හරි මේක දිනන්න  ඕන කියලා තමයි කියන්නේ.

මගේ දුවත් නිරූපණය කළා. නර්තනය ඉගෙන ගත්තා. ටෙලි නාට්‍ය චිත‍්‍රපටි වල රඟපෑවා. හැම තැනම ගියා. නිදහසේ ජීවත් වෙන්න මම ඉඩ දුන්නා. කිසිම දෙයක් කරන්න කියලා බල කළේ නැහැ. හැබැයි මම රංගනයට පැත්තෙන් කොච්චර කාර්ය බහුල වුණත් අම්මා කියන භූමිකාවෙදි මම මගේ දියණියට හරි පාර පෙන්නුවා. ඔළුව කෙලින් තියාගෙන අවබෝධයෙන් ජීවත් වෙන්න ඇයට ඉගැන්නුවා. ඒ ටික අද දෙමාපියෝ කියලා දෙන්නේ නැහැ. දරුවන්ව ටියුෂන් යනවා විතරයි.

gossip lanka