සැමියන් රැකියාවට ගිය පසු බූරු පොලට ගිය බිරිදෑවරුන්ට වෙච්ච අකරතැබ්බෙ

අක්මිමන කදිර්ගාමර් ගම්මානයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා මුදලට බුරුවා ගැසීමේ නිරතව සිටි කාන්තාවන් පස් දෙනකු පෙරේදා (04) පස්වරුවේදි අක්මිමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙකි කාන්තාවන් පස් දෙනා කාලයක සිට පුරුෂයන් රැකියාවට ගිය පසු මුදලට බුරුවා ගැසිමේ නිරතව ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. කාන්තාවන් විසින් විටින් විට නිවාස මාරුකරමින් බුරුවා ගැසිමේ නිරතව සිට ඇති බවද පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙකි
වැටලිම සිදුකොට ඇත.

අත්අඩංගුවටපත් කාන්තාවන් වයස අවුරුදු 30ට අඩු තැනැත්තියන් බවද පොලිසිය කියයි.

මින් කාන්තාවන් දෙදෙනකු ගාල්ල හා යක්කලමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අනික් කාන්තාවන් අක්මිමන කුරුදුවත්තේ පදිංචිකරුවන් වෙති.

අත්ඩංගුවට ගත් කාන්තාවන් පොලිස් අප මත මුදහැර ඇති අතර මෙම මස 07 වැනිදින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අක්මිමන පොලිසියේ පො ප අතුල, පො ප නිශාන්ත ද සිල්වා, පො කො 68106 පුෂ්පකුමාර පො කො 70299ලක්මාල්, 75343 මදුසංක යන නිලධාරිහු මෙම වැටලිමට එක්වුහ.


gossip lanka