පනහ ළං වුණත් රූ සපුවෙන් තාමත් ලෝක රූ රැජිණ වූ සුපිරි බොලිවුඩ් තරුව උපන්දිනය සැමරූ හැටි - Photos

1994 වසරේදී ලෝක රූ රැජිණක් බවට පත් වූ සුන්දර ඓෂ්වර්යාව නොහඳුනන කෙනෙක් නැති තරම්. බොලිවුඩයේ පමණක් නොව ජාත්‍යන්තරව පවා ඇයගේ සුන්දරත්වය ගැන කතාබහක් ඇතිවුණා.

විශේෂයන්ම ඇගේ හදවත දිනාගන්න සටන් කරපු තරුණයින් ගැන, විවිධ තරාතිරම්වල පුද්ගලයින් ගැනත් එදා සිටම අහන්න ලැබුණා.

ඒත් ඒ හැම හදවතක්ම බිඳ දමමින් ඇය තමන්ගේ සහකරුවා හැටියට තෝරගන්නේ මෙගාස්ටාර් අමිතාබ් බච්චන්ගේ පුත් අභිෂේක් භච්චන්ව.

ඓයිෂ් මවක් බවට පත්වුණාට පස්සේ ආරධ්‍යා කියන
ඇගේ හුරුබුහුටි දියණිය ඇගේ ලෝකේම වුණා.

ලොව වටා සැරිසරන මේ අම්මායි දූයි ගැන බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වෙලා.

සූරූපි ඓයිෂ් එක් දරු මවක් යැයි කිව නොහැකි තරම්ම තවත් සුන්දරත්වයෙන් පිරිලා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.

එපමණක් නොවේ, මෑතක හොලිවුඩ් පුරයෙනුත් ඇයට ලොකු ඉල්ලුමක් ලැබුණා. හොලිවුඩ් පුරේ සුවිශිෂ්ඨ රංගන ශිල්පියෙකුත් ඓෂ් එක්ක රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා කියලා මෑතක කියලා තිබුණා.

දැන් මේ කියන්න හදන්නේ ඇගේ වයස ගැනයි. මොකද ඊයේ තමයි ඇගේ උපන්දිනය. ඇයට දැන් අවුරුදු 45 යි.

හැබැයි ඈව දකින කෙනෙක් ඈට ඒ තරම් වයසක් තියනවා කියලා නම් කියන් නෑ.

තාමත් හින්දි තිරේ පුංචි පෙම්වතියගේ චරිතේ කරන්න ඈ සුදුසුයි. ඓෂ් තමන්ගේ සැමියා සහ දියණිය එක්ක උපන්දිනේ සමරන්න යෙදුණු වෙලාවේ බොලිවුඩ් පුරේ බොහෝ දෙනෙකුත් ඇයට සුබ පතන්නත් අමතක කරලා නැහැ.


gossip lanka