ඉන්දියාවේ ලස්සන ප්‍රදේශයක උපන්දිනය සමරන්න ගිය බොලිවුඩයේ සුරූපිණිය අයිශ්වර්යාට පැපරාසින්ගෙන් හැංගෙන්න බැරිවෙයි - Photos

නොවැම්බර් මාසය බොලිවුඞ් සුපිරි තරු රැසකගේ උපන්දින යෙදී ඇති වාසනාවන්ත මාසයක්.

පසුගිය නොවැම්බර් පළමු වැනිදා සුරූපී අයිශ්වර්යා රායි ඇයගේ 45 වැනි උපන්දිනය ජයටම සමරනු ලැබුවා.

ඇය මෙවර උපන්දිනය සමරනු ලැබුවේ ඉන්දියාවේ මනරම් වෙරළ තීරයකට හිමිකම් කියන ගෝවා ප්‍රදේශයේ.

මොම්බායි ගුවන්තොටුපොළෙන් ගෝවා බලා අයිශ්,
අභිෂේක් සහ ආරාධ්‍යා පිටත්ව යෑම පැපරාසි මාධ්‍යකරුවන් විසින් ඔවුන්ගේ කැමරාවේ වෙනදා වගේම සටහන් කරගෙන තිබුණා.

අයිශ් වඩාත් ආකර්ෂණීය ඇඳුමකින් සැරසී සිටි අතර ආරාධ්‍යා අම්මා මෙන්ම වඩාත් ආකර්ෂණීය ගවුමකින් සැරසී සිටියා.

පැපරාසීන් ඔවුන් දුටු විගස ක්‍රියාත්මක වෙමින් ලහි ලහියේ ඔවුන්ගේ කැමරාවල මෙම දුර්ලබ අවස්ථාව සටහන් කර ගත්තා.

කෙසේ වෙතත් අයිශ් පැපරාසීන්ට සුහද සිනහවකින් සංග්‍රහ කරන ආකාරය එහි සටහන් ව තිබුණා.

අයිශ් පවුලේ අය සමඟ ගෝවා හි උපන්දිනය සමරන පින්තූර ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කළ අතර එහි තිබූ තවත් විශේෂත්වයක් වූයේ අයිශ්ගේ ආදරණීය සැමියා අභිෂේක් ”හැපි බර්ත් ඩේ වයිෆ්.. අයි ලව් යූ” ලෙස සටහන් කරමින් ඉමෝ ස්ටිකරයක් සමඟ ”මයි හැපි ප්ලේස්..” යනුවෙන් ලියා තිබීමයි.

අයිශ්” අභිෂේක් විවාහය 2007 වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ අතර ඔවුන්ගේ කැදැල්ලට 2012 නොවැම්බර් මාසයේදී ආරාධ්‍යා එකතු වුණා.


මේ ඔවුන්ගේ උපන්දින සාදය සහ එය නිමාවී නැවත සිය නිවස වෙත පැමිණෙන අයුරුයි...