gossip lanka

පිපාසය නිවා ගන්න වතුර ඉල්ලා ආබාධිත බාල වයස්‌කාර දැරිය අපහරණය කර කාම පිපාසය නිවා ගත් නරුමයා

ආබාධිත බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කිරිමේ චෝදනා සම්බන්ධයෙන් පවතින නඩු විභාගය අතරතුරදී වරද පිළිගත් විත්තිකරුවකුට බරපතල වැඩ ඇතිව වසර 07 ක සිරදඬුවමක්‌ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියම කර තිබෙනවා.

එම සිරදඬුවමට අමතරව රුපියල් 1000 ක දඩයක්‌
නියම වූ අතර වින්දිත දැරියට රුපියල් 75000 ක වන්දියක්‌ ගෙවීමට නියම කර තිබෙන බවත් සදහන්. කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ පදිංචි ජයසිංහ ආරච්චිගේ කමල් කීර්ති නමැති 42 හැවිරිදි විවාහකයාට මෙසේ සිරදඬුවම් සහ වන්දි මුදල් ගෙවීමට නියම වී තිබෙනවා.

චූදිත පොල් ලෙලි ගැසීම රැකියාව වශයෙන් කරන බවත් 2006 වර්ෂයේ ජුලි මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මීගහවත්ත මාහේන නමැති වත්තේ රැකියාව සඳහා ගොස්‌ සිටියදී වතුර එකක්‌ ඉල්ලා එම වත්තේ මුරමඩුවට ගිය අවස්‌ථාවේ චූදිත ඉහත චෝදනා සිදුකර තිබු බවට නඩු විභාගයේදී සඳහන් වෙයි.


gossip lanka