ආගමට පිටු පා ගත් තීරණ නිසා පළාතම කම්පා කරමින් ගම්වැසියන් ගස් බැද තරුණියකට පහර දෙයි

ආදරය නිසා දුක් විදින පිඩා විදින බොහෝ අය ගැන අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ ඉන්දියාවේ අවුරුදු 18 ක යුවතියකට ආදරේ නිසා විදින්න වුනු දඩුවම ගැන කතාවක්. ඇය මුස්ලින් ජාතික යුවතියක්.

ඇයගේ පෙම්වතා හින්දු ජාතිකයෙක්. මේ දෙන්නා අතර ආදර සම්බන්ධයක් පටන් ගෙන තිබෙනවා. ඔවුන්ට දෙමාපියන්ගේ ආශිර්වාදය නොලැබෙන
නිසා දෙදෙනාගේ කැමැත්ත මත හොර රහසේ පැනයන්න තීරණය කරලා. නමුත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ.

යුවතියගේ පාර්ශවයට ඒ ගැන ආරංචි වෙනවා. පැය හතරක් යන්න කලින් ඔවුන් ඉන්න තැන හොයා ගන්න දෙමාපියන්ට පුළුවන් වෙනවා. Nawada කියන ප්‍රදේශයේ තිබෙන කුඩා ගම්මානයකදී මේ යුවල දැක ගන්න ලැබෙනවා. අවසානයේ ගමම බලාගෙන ඉද්දි තමන්ගේ දියණියව ගහක බැදලා ඇයට පහර දෙනවා. පෙම්වතියට දසවද දෙන හැටි පෙම්වතාට බලාගෙන සිටීමට සිදුව තිබෙන බවත් ඔහුට ඇය වෙනුවෙන් කතා කිරීමටවත් ඉඩක් නොලැබුණු බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

ඒ වගේම ඇයට ඔහු සමග යායුතු බවත් පුන පුනා කියා තිබෙනවා. එම සංවේදී අවස්ථා එහි සිටි පුද්ගලයෙකු ජංගම දුරකතනයෙන් හොර රහසේ වීඩියෝ කර එය අන්තර්ජාලයට මුදා තිබෙන්නේ පොලිසියේ ඇස ගැටෙවී යන අදහස ඇතිව බවත් සදහන් වෙනවා. කොහොම නමුත් මෙම සිදුවීම ගැන පොලිසිය දැනුවත් වී තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කර තිබෙන නමුත් සිද්ධියට ආදාලව කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සදහන් වෙනවා.