රටේම අවධානය අරන් අපූරු විවාහ උත්සවයක් ගත් ස්ටේෂන් මාස්ටර් - වෙඩින් කාඩ් එකත් කෝච්චි ටිකට් එකක් වෙයි..! (PHOTOS)

පසුගිය කාලය පුරාවටම අපේ රටේ තරුණ තරුණියන්ගෙ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වීම සඳහා නිර්මාණශීලි අදහස් යොදා ගැනීම කතාබහට ලක්වුනා. ඒවගේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන එරන් සම්පත් තමන්ගෙ විවාහ මංගල උත්සවය යොදාගනිපු තේමාව මේ වෙද්දි සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

 පසුගියදා යුග දිවියට එළඹුනු එරන් තමන්ගේ බිරිඳ
අචිනි සමඟ සිය විවාහ මංගල්‍ය උත්සවයට පෙර Pre Shoot ඡායාරූප ලබා ගැනීමටද දුම්රිය ස්ථානයක් තොරාගෙන තිබූ අතර ඔවුන් දෙදෙනාගේ ආදරය කතාව ආරම්භ වී ඇත්තේ දුම්රිය ස්ථානයකදී බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඒ වගේම ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවයේ  ආරාධනා පත්‍රද දුම්රිය ප්‍රවේශ පත්‍රයක ආකාරයට නිර්මාණය කර තිබීම කැපී පෙනන දෙයක් වුනා.

එම ඡායාරූප පහතින්