"තරුණ දරුවන් පියුමි හංසමාලිගේ ගවුමේ දිග පළල හොයනවා, ඉල්ලා අස් වූ ක්‍රීඩා නායකයාට දුක් ගී ලියනවා" විශේෂඥ වෛද්‍යවරියක් කියූ අපූරූ කතාව! (VIDEO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන එළිය වියත් කතිකාවත පසුගිය දින කඩුවෙලදී පැවැත්වුනා. එහිදි සභාව ඇමතූ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය දැක්වූ අදහස් කතාබහට ලක්ව තිබෙනවා

එළිය සංවාද මණ්ඩපයේදී අදහස්  දැක්වූ වෛද්‍යවරිය පවසන්නේ වර්තමාන තරුණ පරපුර රට වෙනුවෙන් වැය කරන කාලය අවම වී ඇති බවත් වෙනත් අවශේෂ මාතෘකා සදහා තරුණයන් නැඹුරු වී තිබෙන
බවත් ය. එහිදි අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරිය පැවසූවේ

"රටේ අභිමානය රැකගත යුතු තරුණ කැළ පිදුරංගල ගිහින් නිරුවත් වෙනවා, මේ රටේ ජීවත් වෙන්නට වැඩි කාලයක් උරුම වෙන්නේ තරුණ ඔබටයි, ඔබේ සක්‍රීය දායකත්වය මේ රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍යම වෙලාවේ පියුමි හංසමාලිගේ ගවුමේ දිග කොට, නැත්තන් චන්දිමාල්ගේ උපන්දින සාදයේ අය වැය, නැත්තන් එල්ලිලා මැරුණු නලුවෙක්ට කවි කියලා, එහෙම නැත්නම් ඉල්ලා අස් වූ ක්‍රීඩා නායකයාට දුක් ගී ලියනවා. ඔය ටික නතර කරලා ඔබට අනාගතයේ මේ රට දකින්න අවශ්‍ය කෙලෙසදැයි ඔබෙ මුහුණුපොත යොදා ගන්න" යනුවෙනි.

විශේෂඥ වෛද්‍යවරියගේ සම්පූර්ණ දේශනය පහතින්,