gossip lanka

කන්‍යාරාමයේ 14 වියෑති දැරියට අතවර කළ 28 හැවිරිදි රියෑදුරුට අත්වූ ඉරණම

සීදුව ප්‍රදේශයේ කන්‍යාරාමයක්‌ භාරයේ රඳවා සිටි 14 හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ එහි භාරකරුවන්ට හොරා කැඳවා ගෙන ගොස්‌ අතවර කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ කන්‍යාරාමයේ 28 හැවිරිදි රියෑදුරු බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ වරද පිළිගන්නා ලදී.

ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා මගින් වරද පිළිගත් විත්තිකරු වූයේ කිරිබාගේ මැද වැව පදිංචි ඩී. උදේනි ප්‍රදීප් කුමාර (28) නමැත්තෙකි. 2009 මාර්තු මස 28 වැනි දින සීදුවේ කන්‍යාරාමයක රැඳී සිටි 14
හැවිරිදි තරුණිය රවටා ඇගේ භාරකරුවන්ගෙන් අනවසරයෙන් පැහැර ගෙන යැම සහ අතවර කිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධිචෝදනා ලබා තිබිණි. වරද පිළිගත් විත්තිකරුට රුපියල් 15,000 ක දඩ නියම කළ අධිකරණය ඊට අමතරව විත්තිකරුට වසර 5 කට අත්හිට වූ බරපතළ වැඩ ඇති වසර 2 ක සිරදඬුවම් නියම කරන ලදී. ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. සීදුව පොලිසියේ සැරයන් (31578) නිමල් වික්‍රමගේ මහතා පැමිණිල්ලට සහය විය.

මීගමුව සමූහ - විමල් කීර්ති

gossip lanka