කොත්මලේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක්‌ සිසුවියකට අතක්‌ ඉදිමෙන්න ලීයකින් ගහලා පසුව සිසුවාට කළ දේ

මහනුවර දිස්‌ත්‍රික්‌කයට මායිම්ව ඇති කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසලක සිංහල විෂය භාර ගුරුවරිය 10 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට පහරදී පසුව දෙමාපියන්ට හොරෙන් එම ශිෂ්‍යාවට සිංහල බෙහෙත් බැඳ දැමීමේ සිද්ධියක්‌ පිළිබඳව පුස්‌සැල්ලාව පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබෙනවා.

 ගම්පොල දොරගල පදිංචි මෙම ශිෂ්‍යාවගේ පියා වන චන්දන තුසිත කුමාර විසින් පුස්‌සැල්ලාව පොලිසියට ඉකුත්දා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම
පරීක්‍ෂණ අරඹා තිබෙන බවයි පැවසෙන්නේ.


ලීයකින් පහරදීම නිසා මෙම ශිෂ්‍යාවගේ අතක්‌ ඉදිමී සෙලවීමට නොහැකි වීම පිළිබඳව බියවූ ගුරුවරිය අනෙක්‌ ගුරුවරුන්ගේ උපදෙස්‌ මත ඇය පාර දෙක ප්‍රදේශයේ ඇති ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්‌ථානයක්‌ වෙත රැගෙන විත් වැටුණු බව හඟවා අතට සිංහල බෙහෙත් බැඳ තිබෙනවා.

පසුව මෙම සිංහල ගුරුවරියගේ මිතුරකුගේ නිවසේ මෙම ශිෂ්‍යාව නවතා ඇය ඇද වැටී අතට බෙහෙත් බැඳ සිටින බව දෙමාපියන්ට දන්වා ඇය රැගෙන යන ලෙස පවසා තිබෙන බවත් සදහන්.

පසුව සත්‍ය සිද්ධිය දැනගත් දෙමාපියන් මෙම ශිෂ්‍යාව පුස්‌සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුළත් කොට සිද්ධිය මෙසේ පුස්‌සැල්ලාව පොලිසියට පැමිණිලි කොට තිබෙන බවත් පැවසේ.

පංති කාමරය තුළ කෑකෝ ගැසීමේ සිද්ධියකට මෙම පහරදීම සිදුවී ඇති අතර ඉතා ඉක්‌මනින් කෝප ගන්නා මෙම ගුරුවරිය මීට පෙරද ළමයෙකුට පහරදීම නිසා ඇසකට හානි වී ඇති බව ද දෙමාපියෝ පවසනවා.


gossip lanka