බොලිවුඩ් සිනමා තිරයේ විවිධ චරිත ඔස්සේ දකින්න ලැබෙන ජනප්‍රිය කඩවසම් නළු රන්බීර් කපුර් පසුගිය 28 වැනිදා සිය 36 වැනි උපන්දිනය සමරා තිබෙනවා. ඒ කාටත් හොරෙන් කියලයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.
ඔහුගේ උපන්දිනයට ආරාධනා ලබා තිබෙන්නේ පාසල් මිතුරන්ට පමණයි. ඒ වගේම ‘සංජූ’ චිත්‍රපටයේ රඟපෑ ජූනෝ චොප්රා, වරූන් ධාවන්ගේ වැඩිමහල් සොහොයුරා වන රෝහිත් ධාවන්, සුනිල් ෂෙට්ටිගේ
වැඩිමහල් දියණිය ආරති ෂෙට්ටි, සිනමා අධ්‍යක්ෂක අභිනව් චොප්රාද රන්බීර්ගේ උපන්දිනයට පැමිණ තිබෙනවා.
රන්බීර්ගේ වර්තමාන පෙම්වතිය වන ආලියා භාට් එදින් මුළු දවසපුරා රන්බීර්ගේ නිවසේ රැඳි සිටි අතර, රාත්‍රි සාදයට ආලියාගේ මව ඇතුළු ආලියා පවුලේ කිහිප දෙනෙකුද එක්ව සිටි බව සඳහන් වෙනවා. කෙසේ වෙතත්, රන්බිර්ගේ මෙම රහසිගත උපන්දින සාදයේ ගත් ඡායාරූපයක් මේ වනවිට සමාජාජාල වෙබ් අඩවි තුළ දක්නට ලැබෙන අතර, එය නෙතු සිං විසින් අන්තර්ජාලයට මුදාහල බව සඳහන් වෙනවා.
රන්බීර් හොර රහසේ පෙම්වතිය එක්ක උපන් දිනය සැමරූ හැටි - Photos
2018-10-03T23:01:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|