"වැලි ටිපරය පෙරළී පාරේ ගොඩ ගැහුනු වැලි ඉවත් කරන්න සවලක් අරන් පාරට ඇවිත්" රාජකාරියෙන් එහාට ගිය මනුස්සකම හඳුනන අපූරූ පොලිස් නිළධාරියෙක්!

පොලිස් නිළධාරීන් කෙරෙහි සමාජයේ පවතින මතය එතරම් සුභ දායක නොවේ.  එයට ඇතැම් පොලිස් නිළධාරීන්ගේ ක්‍රියාකලාපයද බලපා තිබේ. කෙසේ වෙතත් එම සුලුතර කණ්ඩායම හේතුවෙන් සමස්ත පොලිස් සේවයේ කීර්ති නාමයටම සිදුවන හානිය සුලුපටු නොවේ.

පොලිස් සේවයේ නියැලෙන වචනයේ පරිසමාප්ත
අර්ථයෙන්ම පොලිස් නිළධාරි මහත්මයෙක් සිදු කළ ක්‍රියාවක් පිළිබදව වාර්තා වෙනවා.

පසුගිය දින කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල අලුත්ගම බෝගමුවේ ප්‍රදේශයේ වැලි ටිපරයක් පෙරලී ගියේය. ඒ හේතුවෙන් මාර්ගය පුරා විසිරී තිබූ වැලි හේතුවෙන් ගමනාගමනය අඩාල වූ අතර මාර්ග අනතුරක් සිදුවීමට පවා ඉඩ තිබුනි. ඒ අවස්තාවේ මාර්ගයේ විසිරී තිබූ වැලි ඉවත් කිරීමට ඉදිරිපත් වූයේ රාජකාරී කරමින් සිටි මාර්ග පොලිස් නිළධාරී මහතෙකි.

සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් ඔහු සිදු කළ ක්‍රියාව සැමගේ ගෞරවයට පාත්‍ර විය.

එම අවස්තාවේ ඡායාරූප පහතින්,


gossip lanka