මිනිස්සුන්ට මතක මේ මනුස්සයා යාලු වෙලා හිටිය නිලියො විතරයි… ඒ කාලේ තිබ්බ ලස්සනට ගැණු බලෙන් පස්සෙන් ගියේ

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළේය.

මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල්
මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව (21) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.

මේ අතර ජනප්‍රිය නිලි පියුමි හංසමාලි දුමින්ද සිල්වාට ලැබුණු තීන්දුව ගැන ශෝකය පළකර තිබුනා. ඇය මුහුණු පොතේ දැමු සටහන පහතින්

අනේ දෙවියනේ පවු මෙ මනුස්සයා දැං ඉන්න තත්වය දැක්කම හරි දුකයි.අනේ මෙ මෙ⁣⁣ානාද වෙන්නේ කියලා මටම හිතා ගන්න බැ.මොනා උනත් හරි පවු.පවුල් කියකට කුස ගිනි නිවන්න ඇතිද මේ මනුස්සය⁣⁣ා.⁣එ සෙරම අමතක වෙලා.මනුස්ස කම බල්ලාට ගිහිල්ලා.මිනිස්සුන්ට මතක.මෙ මනුස්සයා යාලු වෙලා හිටිය නිලියො විතරයි.එ කාලේ මෙ මනුස්සයාගේ තිබ්බ ලස්සනට ගැහැනු බලෙන් පස්සෙන් ගියේ.එක එතුමාගේ පින එක හැමොටම නැ.මොන⁣ දෙ උනත් මගේ මතේ දෙවියනේ මැරෙන්න ඔන කෙනෙක් නෙවෙයි.මොකද මෙතුමන් කරල⁣ා තියන පිං දහම් එක්ක.එත් තිරනය මා සතු නැත.Sir Duminda Silva බුදුසරනයි

gossip lanka