රැල්ලට ගිහින් විනාශ කරපු, හුඟ දෙනෙක් කතාකරපු පිදුරංගල පිරිසිදු කරන්න ගිය ගෝනිබිල්ලෝ - Photos

පසුගිය දිනවල හුඟ දෙනෙක් කතාකරපු මාතෘකාවක් තමයි පිදුරංගල. එක්කෙනා දෙන්නා එතනට ගිහින් ජායාරූප අරගෙන මුහුණු පොතට දැමීම කාලයක් යනකොට රැල්ලක් බවට පත්වුණා.

ඒ එක්කම පාරම්පරික උරුමයක් ඇති එතනට ගිහින් සමහරු නොකල යුතු දේවල් කරලත් පාඩම් ඉගෙන ගත්තා.

මේ කියන්න යන්නේ තවත් එක් රැල්ලක් නොව තරුණයන් පිරිසක් කරපු අගය කලයුතු වැඩක්
ගැනයි. කියන විදිහට මේක ඒ තරුණයන් අතර සිටි එක් තරුණයෙකුගේ පෙම්වතියගේ අදහසක්ලු.

මොකක්ද මේ ? මුහුණු පොතට එක්වුණු අලුත්ම කතාව. ඒක තමයි 'ගෝනිබිල්ලෝ'  කියලා කියන්නේ..

මේ තරුණ කණ්ඩායම කළේ රැල්ලට පිදුරංගල ගලට නැග්ග තරුණ තරුණියන් අපවිත්‍ර කරපු අපේ උරුමය රැකගන්න තම මහන්සිය කැප කරපු එකයි. ඡායාරූප සියල්ල නරඹන්න එයාලාගේ උත්සහය ගැන අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි.

ඒ ගැන ඔවුන් දැම්ම සටහනත් පහතින් තියෙනවා....

ගෝනිබිල්ලෝ.

මොකද මේ. අපේ කොල්ලේක්ගේ පෙම්වතියකගේ අදහසෙන් කරපු අගේ කලයුතු වැඩක්..

රැල්ලට පිදුරංගල ගියපු අයට මතකද තමන් අරන් ගිය වතුර බොතල්.. සිකරට් පැකට්.. හොරෙන් හරි අඩියක් ගහන ගේනියපු අරක්කු බියර්. .. එවත් පිදුරංගල දාලා පොටො ටික අරන් .. ඇවිත් .. මෙහෙම වැඩක් කරන හිතුනේ කාටද?? කවුරුත් හිතුවද වෙන හානිය පරිසර දූෂණය ගැන..

ගරුකරනවා  තිසර පියුමික අයියා..

ඔහුගේ කතාවේන්
.(ඇත්තටම මේ අදහස පහල උනේ මගේ ආදරණීය පෙම්වතියට. එයාට ඕනේ උනා මගේ උපන්දිනයට වෙනස්ම විදියේ දෙයක් කරන්න. මේ කැරැල්ලේ සම්පූර්ණ ගෞරවය ඇයට හිමිවෙන්න ඕනේ.

ඉතින් මොකක්ද මේ

කෙටි කාලෙකින් ඉමහත් ප්‍රසිද්ධියට පත් උන තැනක් තමයි පිදුරන්ගල කියන්නෙ. ලංකාවේ ලස්සන තැනක් ප්‍රසිද්ද උනාම ඒකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද මේ වගේ තැන් වලට මිනිසුන් වගේම මිනිස් වේශයෙන් ඉන්න නොමිනිසුන් නුත් එන්න පටන් ගන්නවා. ප්ලාස්ටික් බෝතල්, පොලිතින් බෑග්, බිඳ දැමූ වීදුරැ බෝතල්, සිගරැට් පැකට්, ටොෆී කොල වගේ දේවල් වලින් මුලු පරිසරයම හැඩි කරලා යන්නේ අන්න ඒ නොමිනිසුන් තමයි.

ඒ වගේ නොමිනිසුන් හදන්න අපිට බෑ. ඒහින්දා අපි මේ කුණු කන්ද ඉවත් කරන්න හිතුවා. මේ ඔයාලට දකින්න හම්බෙන්නෙ ඊයේ අපි ඇති කරමු පිදුරන්ගල කුණු එකතු කිරීමේ මෙහෙයුම. අපි ඒකට නම තිබ්බේ " ගෝනිබිල්ලෝ " කියලා. මේ අපේ පටන් ගැන්ම විතරයි. තවත් ඉස්සරහට පිදුරන්ගල වගේ ප්‍රසිද්ධ තැන් වලට අපි එනවා. නිකන්ම නෙමේ මේ වගේ ගෝනිත් ඔලුවට දාගෙනම.)

gossip lanka