ලොවක් වසඟයට ගත් ‘‘දඬුලේන් ජිවිතේ‘‘ කැමරාවට රිංගපු හැටි - Photos

ජීට් වෙජන් කියන්නේ ඕලන්ද ඡයාරූප ශිල්පියෙක්. සමාජ ජාලාවල මේ දිනවල වැඩිම කතාබහට ලක්වන ජායාරූප පෙළක් මේ. කතාබහට ලක්වීමට හේතුවී ඇත්තේ මෙම ඡයාරූප ෆොටෝෂොප් කරන ලද ඡයාරූප ද නැතිනම් ස්වභාවික ඒවා ද යන්න ගැනයි. ඇත්ත කතාව මේකයි.

වෙජන් වසර 4කට වඩා අධික කාලයක සිට දඬුලේනන්ගේ අපූරු හැසිරීම් නිරීක්ෂණය කරමින් ඒවා සිය කැමරා කාචයට හසුකරගන්නවා. ඔහුගේ කැමරාවට හසුවුණු දඬුලේන් ජීවිතේ ඡයාරූප ලෝකය පුරාම හරිම ප්‍රසිද්ධයි. නිතර දඬුලේනන් හා ගැවසෙන නිසාම ඔවුන්ගේ හැසිරීම් ගැන වෙජන්ට
තියෙන්නේ හොඳ අවබෝධයක්. ඒ විතරක් නෙවෙයි. ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින් ඉන්න වෙජන්ගේ ඔලූවට එන්නෙත් අපූරු අදහස්.

 ඔහු ඒ අදහස් කැටි කරලා පුංචි පුංචි දේවල් නිර්මාණය කරලා පසුබිම සකසා දඬුලේනන් සූක්ෂමව ඒ වෙත ගෙන්වාගෙන ඔවුන්ගේ හැසිරීම් සිය කැමරා කාචයට හසුකරගන්නවා. මේ සඳහා ෆොටෝෂොප් මෘදුකාංගයත් භාවිත නොකරනවා නෙවෙයි. නමුත් මේවා කැමරාවට හසුකරගන්න ඕන නිසාම ඔහු අපේ ලෝකයේ බොහෝ දේ දඬු ලේනන්ගේ තරමට ගැළපෙන්න නිර්මාණය කර ඔවුන්ට එහි හැසිරීමට ඉඩ සලස්වනවා.

 මේ තියෙන්නෙත් වෙජන් හදපු ඇපල් කරත්තයකට නැගලා ඒක ගෙදර ගෙනියන්න හදන වෙජන්ගේ වත්තට ආපු දඬුලේනන් දෙන්නෙක්ගේ වැඩ තමයි.


gossip lanka