ශිෂ්‍යයෙක් පන්ති භාර ගුරුතුමියගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කරයි - Video

ප්‍රංශයේ පහළොස් හැවිරිදි සිසුවෙක් පංති කාමරය තුළ සිදු කළ ක්‍රියාවක් නිසා පොලිස් අත්අඩංගුවට පත්ව සිටිනවා. එහි වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරාවටම පැතිර ගිය අතර අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ පහළොස් හැවිරිදි ශිෂ්‍යයා පන්ති කාමරයේ සිටින තම ගුරුතුමියගේ හිසට පිස්තෝලයක් එල්ල කරන ආකාරයයි. භීතියට පත්
ගුරුවරියට ඔහු ‘හිස පහත් කරන්න‘ යනුවෙන් විධානය කරනවා.



ප්‍රංශයේ Branly උසස් පාසලෙන් මෙම සිදුවීම වාර්තා වුණා.

කෙසේ වෙතත් මෙම ‘විහිලුව‘ ප්‍රංශය පුරාම ඉතා වේගයෙන් පැතිර ගිය අතර ඒ සඳහා විවිධ පාර්ශවයන් විවිධ ප්‍රතිචාර දක්වා තිබුණා.

විශේෂයන්ම ප්‍රංශ ජනාධිපතිවරයා, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාතංශ්‍යටත් දැනුම් දීමක් කර තබුණා.

‘මේ ආකාරයෙන් වන නින්දිත හැසීරිම්වලට පාසල් තහනම් කළ යුතු බවත්, ආයුධ සමඟ තර්ජනය කළ නිසාවෙන් වසර පහක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි බවත්‘ අදාළ වාර්තාවල දැක්වුණා.

කෙසේ වෙතත් සිදුවීම වඩාත් උග්‍ර අතට හැරෙද්දි, අදාළ ශිෂ්‍යයා පොලීසියට භාර වී තිබෙනවා.

ඔහු ප්‍රකාශ කරන ආකාරයට ඔහු විසින් සිදු කර ඇත්තේ විහිලුවක්. තමන් විසින් භාවිතා කළේ ව්‍යාජ පිස්තෝලයක් කියලත් ඔහු සඳහන් කරනවා.


gossip lanka