gossip lanka

"බාහිර පෙනුම එක සමාන වුණාට size වෙනස් වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා මම ඒ අවදානම ගන්නේ නැහැ.." - ඕෂධී හිමාෂා

ඕෂධී හිමාෂා  නිරූපණ ශිල්පිණියක් හැටියට ජනප්‍රිය චරිතයක්. නිතරම විවිධ නිරූපණ එක්ක ප්‍රේක්ෂකයින් අතරට එන ඇය ගැන  නිරන්තරයෙන්ම කතා කරන්නේ විලාසිතා නිසයි. ඕෂධී ඒ ගැන කියන්නේ මෙහෙමයි.

ෆැෂන් ගැන මොකද හිතන්නේ
ෆැෂන් කියන්නේ කාලෙත් එක්ක අලූත් වෙන දෙයක්. ෆැෂන් කියන්නේ කවදාවත් පරණ වෙන්නේ නැති දෙයක්. මම ඉන්න ඉන්ඩස්ටි‍්‍ර එකත් එක්ක
ෆැෂන් කියන දේ කොහොමත් වැදගත් වන දෙයක්.


ඒ කියන්නේ ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්ද?
ඔව්.

ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?
නැහැ. ලංකාවේ කවුරුවත් අනුකරණය කරන්නේ නැහැ. හැබැයි මම ෆැෂන් කියන දේ ගොඩක්ම follow කරන කෙනෙක්. ඒත් කාවත් copy කරන්නේ නැහැ.

පුරුද්දක් විදියට සැලෝන් යනවාද?
පුරුද්දක් විදිහට නෙමෙයි ඒත් සැලෝන් යනවා. ගොඩක්ම සැලෝන් යන්නේ hair treatment වලටයි waxsing වලටය තමයි.

hair style වලට මාසයකට කීයක් විතර වියදම් කරනවාද?
මෙහෙමයි. මට පෞද්ගලිකවම hair style වලට ගොඩක් වියදම් වෙනවා අඩුයි. මගේ Industry එකේ පෞද්ගලිකව අදුරන අය ඉන්න නිසා ඒ හැදුනුම්කම් මත ගොඩක් අඩුවෙන්ම තමයි වියදම් වෙන්නේ.

oshadiකැමැතිම hair style එක ?
ඇත්තටම මම ගොඩක් කැමැති කොණ්ඩෙ නැචුරල් විදියට කර්ල් කරලා තියාගන්න. මම ඒ නිසා නැචුරල් විදියට ටෝන් කරන්නයි කැමැති.

යන්න ආස සැලෝන් එකක් තියෙනවාද?
යන්න ආස එකක් කියලා නෑ. මම ට්‍රීට්මන්ට්වලට සැලෝන් 3” 4 කට යනවා. මම ඒ හැම එකකටම ආසයි.

ඔරලෝසු බදින්නේ ෆැෂන් කරන්නද? වෙලාව බලන්නද?
මම හිතන්නේ දෙකටම. වෙලාව බලාගන්න එක ඔරලෝසුවක් ඇතිනේ. ඇත්ත කතාවනම් ඔරලෝසු බදින්නේ ඇදුමට මැච් වෙන්නනේ. ඒ නිසා මම හිතන්නේ ඔරලෝසු බදින්නේ ඔය දෙකටමයි.

ඇදුමට අනුවද ඔරලෝසු ගලපන්නේ?
ඇත්තටම මම ජුවලරි නැතත් පුරුද්දක් විදිහට ඔරලෝසු පළදිනවා. ඇදුමට හා අනෙක් ජුවලරි වලට ගැලපෙන්න තමා ඔරලෝසු පළදින්නේ.

ඔරලෝසු විතරක් නෙමෙයි hand bag එකත් වැදගත් නේද?
මම හිතන්නේ ඔව්. ගොඩක් වැදගත්. මම නම් සාමාන්‍යයෙන් hand bag එක පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා. අපි ගමනක් යද්දි ගෙනියන්න ඕනෑ අත්‍යාවශ්‍ය භාණ්ඩ දමාගෙන යන්න අනිවාර්යයෙන්ම hand bag එක අවශ්‍ය වෙනවා.

හැම ගමනකදීම hand bag එක අරන් යනවාද ?
ඔව්. ගොඩක් වෙලාවට හැම ගමනකදීම මම hand bag එකක් අරගෙන යනවා.

ෆැෂන් කරන්නේ ෂොපින් කරලද internet එකෙන්ද?
ඇත්තටම මම ෂොපින් කරන්නම අවුරුද්දට එක පාරක් හරි දෙපාරක් හරි ලංකාවෙන් පිට යනවා. බැංකොක්” තායිලන්ඞ්” මැලේසියා” වියට්නාම් වගේ රටක් තෝරගෙන යනවා.

online order කරන්නේ නැද්ද
නෑ. මම online order කරලා ෂොපින් කරන්නේම නැති තරම්. ඇත්තම කිව්වොත් online order කරද්දි බාහිර පෙනුම එක සමාන වුණාට size වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මම ඒ නිසා එහෙම අවධානමක් ගන්නවා අඩුයි. ඒත් මම ආසම දෙයක් තිබ්බොත් online order කරනවා.

සෙරෙප්පු වලට තියෙන්නේ මොනවගේ ආසාවක්ද?
ෆැෂන් කරන අය විදියට ගත්තම අපි සාමාන්‍යයෙන් ඇදුමට මැච් කරලා තමයි සෙරෙප්පු hand bag, watch එක එහෙම ගන්නේ. මම සෙරෙප්පු පාවිච්චි කරන්නේ ගොඩක්ම ළග තැනකට යද්දි විතරයි. ඊට එහා මම ගමනක් යද්දි හීල් දෙකක් දාන්න පුරුදු වෙලා ඉන්නවා. අඩුම අගල් එකහමාරකවත් හීල් එකක් පළදිනවා.

ගමනක් යද්දි අදින්න කැමැතිම ඇදුමක් තියෙනවාද?
ගොඩක් වෙලාවට මම ගොඩක්ම සිම්පල් විදියට අදින්න කැමැති කෙනෙක්. ෆැෂන් කරන්න ඕනෑ තැනට විතරයි මම ෆැෂන් කරන්නේ. තැනට උචිත විදියට අදිනවා. නෝමලි මම ළග පාත ගමන් යද්දි trouser එකයි t shirt එකයි තමයි.

ආසම වාහන වර්ගයක් එහෙම තියෙනවාද?
මම දැනට පාවිච්චි කරන vizel වාහනයට තමයි කැමැති.

ඒ කියන්නේ කාලෙන් කාලෙට කැමැති වාහන තියෙනවාද?
මම වාහන පස්සේ යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට ලොකු දැනුමක් නෑ. දැනට කැමැති මගේ ළග තියෙන වාහනේට. ඒක විකූණන දවසක ගන්න ආස එකක් තියේවි. එතකොට ඒක ගන්න try කරනවා.

ජුවලරිවලට තියෙන්නේ කොහොම උනන්දුවක්ද?
මම ජුවලරිස් පාවිචිච් කරනවා. හැබැයි ලොකු හෙවි ජුවලරි නම් පාවිච්චි කරන්නේ නැහැ. ඇදුමට මැචි වෙන විදියට කරාඹු දානවා. ඔරලෝසු පළදිනවා. රින්ග් 2 3ක් පාවිච්චි කරනවා. ඒ හැරෙන්න මම ජුවලරි පාවිච්චි කරන්නේ නැහැ.

ෆැෂන් කරද්දි jim යන්නම ඕනෑද?
තමන්ට හිතෙනවානම් තමන්ට තියෙන ඇග ගැන තෘප්තිමත් කියලා යන්න ඕන නෑ. ඒත් තමන්ට ඇග අඩු කරගන්න ඕනෑනම් අපි jim එකට යායුතුයි.

කෑම පාලනයද හොඳ jim යන එකද හොද?
මම හිතන්නේ අපට කෑම පාලනය කරගන්න පුළුවන්නම් හොදයි. home workout එකක් කරන්න පුළුවන්නම් හුගක් හොදයි.

පුරුද්දක් විදියට jim යනවද?
ඇත්තටම මම කාලයක් පුරුද්දක් විදියටම jim ගියා. මම ඒකට ඇබ්බැහි වුණා. කාර්යබහුලත්වය එක්ක මට ඒක කරන්න අමාරුයි. කෑම පාලනය කරන්න අමාරු නිසා jim ගිහිල්ලා මැෂින් වලට anergy එකත් දීලා එන එක බොරු වැඩක්. මම ඒ නිසා දැන් පුරුදු වෙලා ඉන්නවා ගෙදරදී කෑම පාලනය කරලා home workout එකක් කරන්න.

නදීමාලි ආරියරත්න


gossip lanka