නිරුවත් ජායාරූප පෙන්වනවා කියා පෙම්වතියගෙන් සල්ලි ඉල්ලු සල්ලාල පෙම්වතා පෙම්වතියත්, මවත් දූෂණය කරයි

'මුහුණුපොතෙන්' හඳුනාගත් 16 හැවිරිදි පෙම්වතියගේ අනුදැනුම ඇතිව මවගේ රන්බඩු කොල්ලකෑමට නිවෙසට එවූ පෙම්වතාගේ මිතුරන් පිහියක් පෙන්නා පෙම්වතිය බියගන්වා කාමරයකට ගෙනගොස් ‍දොරගළු දමා වසා 55 වියැති මව දූෂණය කරමින් එම දර්ශන ජංගම දුරකථනයකින් පටිගත කර තිබෙනවා. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කොල්ලකන ලද රන් ආභරණ සමඟ සැකකරුවන් දෙදෙනකු 5දා පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරණ, නන්ද
මාවතේ පදිංචි 21 හැවිරිදි පෙම්වතා සහ කුරණ මුනිදාස කුමාරතුංග මාවතේ පදිංචි විවාහකයෙක්. පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති තොරතුරු අනුව 'මුහුණුපොතෙන්' මේ පෙම්වතුන් මුණගැසී ඇති අතර පෙම්වතා විසින් මාස කිහිපයක ඇසුරකින් පසුව 'මුහුණුපොතේ' මැසෙන්ජර් මඟින් තරුණියගේ උඩුකය නිරාවරණය කර ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් උපක්‍රමශීලිව ගෙන්වාගෙන තිබෙනවා.

 මෙම ඡායාරූපය අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්කරන බව තරුණියට පවසා බිය ගන්වා එසේ නොකිරීමට නම් තමන්ට මුදල් අවශ්‍ය බව ද දන්වා තිබෙනවා. තමන් ළඟ මුදල් නැති බවත් මවගේ අල්මාරියේ නම් රත්රන් බඩු තිබෙන බවත් තරුණිය පෙම්වතාට පවසා ඇති අතර තමන් නිවෙසට දෙදෙනකු එවන බවත් ඔවුන්ට අල්මාරියේ රත්රන් බඩු තිබෙන තැන පෙන්වන ලෙසත් පවසා මේ හොර පෙම්වතා තරුණියට තර්ජනය කර තිබෙනවා.

 මේ අනුව පෙම්වතා විසින් තරුණියගේ නිවෙසට එවන බව දැන්වූ දෙදෙනා පසුගිය සැප්තැම්බර් 12දා දහවල් 10.00ට පමණ යතුරුපැදියකින් පැමිණ නිවෙසට ඇතුළු වී ඇති අතර සැකකරුවන් පිහියක් පෙන්වා තරුණිය බිය ගන්වා කාමරයකට ගෙන ගොස් ‍දොරගුළු දමා වසා තිබෙනවා. අපරාධකරුවන් විසින් මව වෙනත් කාමරයකට ගෙන ගොස් ඇගේ දෑත් පිටුපසට තබා බැඳ දූෂණය කරමින් ඔවුන් එම දර්ශන ජංගම දුරකථනයකින් වීඩීයෝ කර ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වුණා.

 මව දූෂණය කිරීමෙන් පසු මෙම අපරාධකරුවන් දෙදෙනා අල්මාරියේ තිබූ රන්මාල දෙකක්, රන් පෙන්ඩන්ට් දෙකක් සහ කරාබු ජෝඩු දෙකක් රැගෙන පලාගොස් ඇති බවද සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර මෙම සැකකරුවන් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවන් බව විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

gossip lanka