සැමියාගේ තාත්තා සමඟ දීග කන්න ගිය බිරිඳ නිසා හයක් හතරක් නොතේරෙන දරුවට සිදු වූ අහස පොළව නුහුලන අපරාධය - Photos

මාරිට බෙන්ජමින් මුණ ගැහෙනකොට දෙන්නටම වයස අවුරුදු විස්සක් පිරුණා විතරයි. මාරි ප්‍රංශ ජාතික තරුණයක්. බෙන්ජමින්ගේ පියා ඊශ්‍රායල ජාතිකයෙක්. මේ දෙන්නා ජිවත් වුණේ ප්‍රංශයේ. බෙන්ජමින් සිය ජිවිතයටම පියාව දැක තිබුණේ නැහැ. ආදරෙන් වෙලී ගිය මාරිත් බෙන්ජමිනුත් වැඩිකල් නොගොසින් එකට ජිවත් වෙන්න පටන් ගත්තා. මේ දෙන්නගේ කැදැල්ලට රෝස් එකතු වුණේ 2001 දී. ඇය උපන්නේ පැරිස් නුවර.

‘මං මගේ ඩැඩි ජිවිතේටම දැකලා නෑ. අපි ඩැඩි
බලන්න ඊශ්‍රාලයට යමු...‘

බෙන්ජමින් මාරිට මෙහෙම යෝජනා කරද්දි රෝස්ට වයස අවුරුද්දයි. දෙන්නම ඊශ්‍රාලයට යන්න මුදල් හොයාගත්තා. පසුව ඔවුන් පියා බලන්න ගියා. ඒක ඇත්තටම විශේෂ දවසක්. බෙන්ජමින්ට ඒ දවස අමතක කරන්න බැරි දවසක් වුණා. ජිවිතේ පළවැනි වතාවට තමන්ගේ පියාව දකින එක ඔහුට සතුටක් වුණා.

බෙන්ජමින්ගේ පියාගේ නම රොනී. ඔහුට වයස අවුරුදු 42යි. ඔහුත් බොහෝම ලෙන්ගතු වුණා අර පුංචි දරුවා රෝස්ට. ඇය ඒ තරම් හුරුබුහුටි කෙල්ලක් වීම ඒකට හේතුවක්. කාලය ගෙවෙද්දි බෙන්ජමින් හා මාරි දියණිය රෝස් කැටුව ආපහු යන දිනය ළංවුණා. ඒ ගැන කියද්දි බෙන්ජමින්ට මාරිගෙන් ලැබුණේ නොසිතු විදිහේ පිළිතුරක්.

‘බෙන්ජමින්, මං ආපහු පැරිස් යන්නේ නැහැ. මම මෙහේ නවතිනවා ඩැඩි එක්ක..‘

බලාගෙන යද්දි මාරි, බෙන්ජමින්ගේ පියා රොනී එක්ක තහනම් අදරයක පැටලිලා. මාරි බෙන්ජමින් අතහැර රොනී එක්ක නැවතුණා. බෙන්ජමින් තමන්ගේ පුංචි දියණියත් එක්ක ප්‍රංශයට ගියා.

හැබැයි බෙන්ජමින්ට රෝස්ව අම්මෙක් නැතුව බලා කියාගන්න එක ලේසි පහසු වුණේ නැහැ. විටෙක ඇය ලෙඩ වුණා. සමහර වෙලාවට ඈව පරිස්සම් කරන්න බැරි තැන බෙන්ජමින් ඇයව සමාජ සේවා නිලධාරින්ට පවා භාර දීපු අවස්ථා තිබුණා.

ඒ අතරවාරයේ රොනී හා මාරී එකට ජිවත් වුණා. ඒ වුණත් ඔවුන් දෙදෙනා තවමත් නීතියෙන් විවාහ වෙලා හිටියේ නැහැ. රොනී රියදුරෙක් විදිහටයි රැකියාව කළේ. නීතියෙන් විවාහ නොවුණත් ඔවුන් දෙන්නා මේ වෙනකොට ගැහැනු දරුවන් දෙන්නෙකුටම මව්පියන් වෙලා.

ඒ අතරෙ මාරීට රෝස් ගැන ආරංචියක් ලැබුණා.

‘බෙන්ජමින් රෝස්ව හරියට බලාගන්නේ නැල්ලු. රෝස් නිතරම අසනීප වෙනවලු. රොහල්ගත වෙනවලු. ඒ නිසා අපි රෝස්ව ඊශ්‍රාලයට ගෙන්වා ගමු...‘

මාරි ඒ විදිහේ යෝජනාවක් ගෙනාවා. ඒ අනුව මේ අය නඩු කියන්න ගත්තා රෝස්ගේ අයිතිය වෙනුවෙන්. ඒක හරියට දෙරටක් අතර යුද්ධයක් වගේ වුණා. එක පැත්තක දුව සහ පියා. තව පැත්තක රෝස්ගෙම මව හා සීයා.

කෙහොම වුණත් අවසානයේ ඔවුන්ට රෝස්ගේ භාරකාරත්වය ලැබුණා. ඒ සඳහා ඔවුන්ට වැය වුණු යුරෝ ගණනත් ඉතා විශාලයි. එය කොතරම් යහපත් චේතනාවකින් කළාද කියනවනම් ගේ දොර පවා විකුණලා රෝස් වෙනුවෙන් සටන් වදින්න සීයා සහ මව සුදානමින් හිටියා.

අවසානයේ 2007 අප්‍රේල් මාසයේදි රෝස් ආයෙමත් ඊශ්‍රාලයට පැමිණියා. ඒ රටට ආවා වුණත් රෝස් හිටියේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි. ඒකට එක හේතුවක් ඈ එහි භාෂාව හරියට නොදැන සිටීම. ඒ වගේම මාරි සහ තමන්ගේ සීයා තමන්ට වෙනස්කම් කරන වග ඇයට දැන් දැන් තේරිලා තිබුණා.

ආදරේ ඇති කියලා ආවා වුණත් ඇයට කිසිම රැකවරණයක් ඔවුන්ගෙන් දැණුනේ නෑ. ඒ වෙනුවට නිතරම ඇයට සීයාගේ ගුටි බැටවලට මැදිවෙන්න සිද්ධ වුණා. ඇය නිතර ගුටි කෑවා. රොනී ඇගේ හිස බිත්තියේ හැප්පුවා. භාෂා ප්‍රශ්නය නිසාත් බිය නිසාත් රෝස්ගේ හැසිරීමත් අමුතු වුණා. ඇයට නිසි ආකාරව වැසිකිළි යන්නවත් පුරුදු කරලා තිබුණේ නැහැ.

මේ හිරිහැර නිසාම අන් අයගේ නොසැලකිල්ලට මේ යුගලය පත් වුණා. රෝස්ව වෙන කාටහරි දීලා අත හෝදගන්න ඕනි වුණත් ඒකත් හරියට කරගන්න මේ දෙන්නට බැරිවුණා.

‘අපි මේ කෙල්ල හදාගන්න මමීට දෙමු...‘

වැඩිකල් නොගොස් සීයාගේ මව ළඟට ගිය රෝස් මලක් වගේ හිටියා. ඇය රෝස්ට බොහෝ සෙයින් ආදරේ කළා.

‘රෝස් ඇය ළඟ ඉද්දි හරිම සතුටින් හිටියා. ඇය රෝස මලක් වගේ ලස්සනයි. නිතරම හිනාවෙනවා. හරිම හුරතල්...‘

ඒත් මමිටත් නිතරම ඇය ගැන බලන්න බැරිවුණා. ඒ මොකද කිව්වොත් ඇය වයසයි. ඒ නිසාම ඇය රොනීගෙන් ඉල්ලීමක් කළා, ඇයව නැවතත් ගෙනියන්න කියලා. ඒ ඉල්ලීමෙන් පස්සේ රොනී නැවත් ඇවිත් මැයි මාසේ 12 වැනිදා ආපහු රෝස්ව අරන් ගියා.

ඒත් එදායින් පස්සේ මේ පුංචි කෙල්ල දකින්න ලැබුණේ නැහැ. ඒ අතරෙ ඇයව හදාගන්න ආධාර ඉල්ලලා ලිපියක් එහෙමත් බොහෝ පිරිසක් අතරෙ හුවමාරු වුණා. ඒ ලිපිය ලියලා තිබුණේ රොනී විසින්.

මේ ලිපිය පොලීසියට ලැබුණත් ඒ වෙද්දිත් රෝස් ගැන ආරංචියක් නැහැ. රෝස් කොහෙද එහෙනම්? රොනීගේ මව ළඟත් නැත්තම්, මාරි හෝ රොනී ළඟත් නැත්තම් ඇයට මොකද වුණේ?

මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කළා වුණත් පොලීසියට හරි පිළිතුරක් ලැබුණේ නැහැ. තොරතුරු නොලැබුණු තැන පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා. ඒ වෙනකොට මේ බ්‍රිතාන්‍ය දැරිවියගේ මරණය සම්බන්ධයෙන් ලෝකෙම අවධානය යොමු වෙලයි තිබුණේ. පොලීසිය මුලින්ම රොනීව සැක කරන්න හේතුව වුණේ රෝස්ගේ එකම එක ඇඳුමක් විතරක් රොනීගේ නිවසේ තිබුණ නිසා.

කොහොම හරි අන්තිමට සිද්ධ වුණේ රොනී පොලිස් අත්අඩංගුවට පත් වුණ එකයි.

‘මම රෝස්ව විකිණුවා..‘

‘මම රෝස්ව ප්‍රංශ කන්‍යාරාමයකට ඇතුළත් කළා‘

මේ තමයි රොනී දිගටම කියපු දේවල්. ඒත් වැඩි දවසක් යන්න කලින් ඔහු ඇත්ත කිව්වා.

‘මගේ අතින් වැරදීමකින් රෝස් මිය ගියා...‘

රොනී තමන්ගේ පාපොච්චාරණය පටන් ගත්තේ එහෙමයි.

‘එදා රෝස් මගේ කාර් එක පිටිපස්සේ ආසනයේ හිටියා. මා රිය පදවන ගමන් ඇයට කිව්වා, ඒ ගමන් කෑමට යමක් දුන්නා. එතකොට රෝස් ‘මට එපා අප්පිරියයි‘ කියලා ප්‍රංශ භාෂාවෙන් කිව්වා. එතකොට මට තරහා ගියා. මම රෝස්ට බැන්නා. බැනලා පිටිපස්ස හැරිලා හයියෙන් පාරක් ගැහුවා. ඒවේලේ වාහනයේ විදුලිය දමලයි තිබුණේ. ඒ නිසා රෝස් කියපු දේ මට ඇහුණේ නැහැ. ඇය නිහඬවම හිටියා. ඒ නිසා මට තේරුණා මොකක් හරි වැරදිලා කියලා. මම ඇය මරන්න සැලසුම් කළේ නැහැ. මට ඕනි වුණේ වාහනය නවත්වා ඇයව වඩා ගන්නයි. ඇය මානසික අසහනයට පත් දැරිවියක්. වාහනය නවත්තලා බලද්දි ඇයගෙන් ප්‍රතිචාරයක් නැහැ. ආදරණීය රෝස් කියලා මම ඇයව වඩා ගත්තත් ඇය කඩා හැලුණා.‘

‘දෙවියන් මට සමාවක් දුන්නත් මං මටම සමාව දෙන්නේ නැහැ. නොහිතු මිනිත්තු කිහිපයකදි මං මගේ ජිවිතය විනාශ කරගත්තා. මං බයෙන් වෙව්ලුවා. අපි සූට්කේසයක ඔබලා රෝස්ව ගඟට විසි කළා...‘

මාරි මේ උදව්ව රොනීට කරන්නේ රොස්ටත් වඩා තමන්ගේ ප්‍රේමවන්තයාව නීතියට කොටු කරන්න වුනු අකැමැත්ත නිසාවෙන්.

අධිකරණයේදි මේ නඩුව ඇහනේනේ 2011 මැයි මාසයේදි. එවිට ඇයගේ සිරුර ගොඩගෙන වසර තුනහමාරක් ගත වෙලා තිබුණා.

මේ නඩුව සම්බන්ධ වාර්තාව පිටු 342 කින් සමන්විත වූ අතර තුන්දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කෙරුණා.

මේ සියල්ලගෙන්ම පස්සේ රෝස්ගේ ප්‍රංශ මිත්තණිය (මාරිගේ මව) ප්‍රංශයේදී සියදිවි හානි කරගන්නේ මේ සියලු දේ දරාගත නොහැකිවයි.


gossip lanka