අනියම් පෙම ආරංචි වී සැලසුම් සහගතව බිරිද ගෙදරට ගෙන්වා ඝාතනය කර නිරුවතින්ම වැලලු සැමියාට වුණු දේ

සිය බිරිඳ අනියම් සබඳතාවක්‌ පවත්වන බව අනාවරණය කරගත් සැමියකු නිවස තුළදී ඇගේ හිසට පොරව මිටකින් හා තවත් පොල්ලකින් පහරදී සැලසුම් සහගතව ඝාතනය කර නිවස පිටුපස පිහිටි ළිඳ අසල වළක්‌ කපා සිරස්‌ අතට වළ දැමූ පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.  අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  සැකකරු රහසිගතව වළ දැමූ බිරිඳගේ නිරුවත් සිරුර අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා
ඉදිරියේදී  ගොඩ ගෙන තිබෙන බවත් සදහන්.

ඝාතනයට ලක්ව ඇත්තේ නව නුවර පාර, තම්මැන්නාපුර, නෙළුම්කුළම, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඉරේෂා මල්කාන්ති කුමාරිහාමි (41) දෙදරු මවයි. එම ලිපිනයේම පදිංචිව සිටින (43) හැවිරිදි සැමියා, එම ඝාතනය සිදුකර පලායමින් සිටියදී  අනුරාධපුර ,කඩ 12 ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පැවසේ.

ඝාතනයවූ කාන්තාවට සැමියා පහරදීම නිසා කෑගසන හඬ ඇසී තිබුණු අසල්වැසි නිවසක පදිංචිකරුවකු ඒ පිළිබඳව සැකසිතී පොලිසියට දන්වා තිබූ අතර අනතුරුව අදාළ නිවස පිහිටි ස්‌ථානයට පැමිණි පොලිසිය ඇය ඝාතනය කර ඇති බව අනාවරණය කරගෙන ඇය වළදැමූ ස්‌ථානයත් අනාවරණය කර ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම යුවළ අතර පසුගිය අගෝස්‌තු මස සිට අනියම් සබඳතාවය මුල්කර ගනිමින් අඩ දබර සිදුවී තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබූ අතර ඝාතනයට ලක්‌වූ කාන්තාව විසින් අනුරාධපුර ළමා හා කාන්තා අංශයට සැමියා සිදුකළ පහරදීම් පිළිබඳව සිදුකළ පැමිණිල්ලකට අනුව දෙපාර්ශවය කැඳවා ඔවුන්ගේ ආරවුල විසඳීමට ළමා හා කාන්තා කාර්යාංශය පියවර ගෙන තිබූ බවද අපරාධ විමර්ශන අංශය තහවුරු කරගෙන තිබෙනවා.

කාන්තාවගේ වැඩිමහල් දියණිය යුද හමුදා සේවයට එක්‌වී පුහුණුව අවසන් කිරීමේ උත්සවය 28 යෙදී තිබී ඇති අතර නිවසින් බැහැරව සිටි බිරිඳ දියණිය බැලීම සඳහා යාමට අවශ්‍ය කලමනා කිහිපයක්‌ මිලදී ගැනීමට අනුරාධපුර නගරයට පැමිණ ඇති බව අනාවරණය කරගත් සැකකරු දියණියට රැගෙන යාමට තමනුත් කැවිලි කිහිපයක්‌ සැකසූ බව පවසා බිරිඳව උපක්‍රමශිලීව නිවසට කැඳවා ගෙන රැගෙන විත් තිබෙන බව පොලිසිය පවසයි.

බිරිඳ ඝාතනය කරන බවට කල්තියා සැලසුම් කළ සැකකාර සැමියා නිවස ආසන්නයේ පිහිටි ළිඳ අසලින් අඩි දෙකයි දෙක පළල අඩි හයක්‌ පමණ ගැඹුර වළක්‌ හාරා තිබෙන බවත් බිරිද නිවසට කැඳවාගෙන පැමිණ ඇය සමග අඹුසැමි ඇසුරක්‌ පවත්වා (27) රාත්‍රී අටට පමණ කාමර තුළදී පෙරෝ මිටකින් හා පොල්ලකින් හිසට පහරදී ඇයව ඝාතනය කර නිරුවතින්ම ළිඳ අසලට රැගෙන ගොස්‌ සිරස්‌ අතට වළෙහි දමා පස්‌ පුරවා අනතුරුව වළ උඩින් ගල් තබා එය ටකරමකින් වසා තිබූ බව පරීක්‌ෂණ පැවත්වූ පොලිසිය පවසයි.

සැකකාර සැමියා විසින් අවස්‌ථා කිහිපයකදීම සිය බිරිඳ ලොරි රථ රියදුරකු සමග අනියම් සබඳතාවක්‌ පවත්වන බවට දුරකථන ඇමතුම් වාර්ථතාවකින් අනාවරණය කරගෙන ඇය ඝාතනය කිරීමට සැලසුම්කර තිබෙන බවත් දෙදෙනා අනුරාධපුර නව නුවර පාරේ බඩ ඉරිඟු තම්බමින් ජීවිකාව ගෙන ගොස්‌ ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. මියගිය කාන්තාවට දියණියට අමතරව පාසල් වයසේ පසුවන පිරිමි දරුවකු ද සිටින බවද සදහන්.

සැකකරු විසින් ඇයව ඝාතනයට යොදා ගත් බවට සැකකරන ලේ තැවරුණු පොලු කැබැල්ලක්‌ පොලිසිය නිවස තුළ තිබී සොයා ගෙන තිබෙනවා.



gossip lanka