gossip lanka

අලුත උපන් දරුවා රෝහලේ කාණුවකට දමා ගිය බාල වයස්කාර මවට ත්‍රීරෝද රථ රියදුරෙක් පාඩමක් උගන්වයි..!

බාල වයස්කාර මවක් තම අලුත උපන් දරුවා බණ්ඩාරවෙල දිසා රෝහලේ කාණුවක දමා ගොස් තිබියදී රෝහල් කාර්ය මණ්ඩලයට හමුවී තිබෙනවා. මෙම මව විසින් දරුවා රෝහලේ කානුවට දමා සිය සැමියා බවට සැකකළ හැකි අයෙකු සමඟ අසල තිබූ
ත්‍රී රෝද රථය නැගී පලාගොස් තිබුණු බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ සැක සිතූ තවත් ත්‍රීරෝද රථ රියදුරෙකු ඒ පිලිබඳ සොයා බැලීම සඳහා යෑමේදී  ඔවුන් දෙදෙනා  ත්‍රී රෝද රථයෙන් බැස නැවතත් පලායාමට තැත් කිරීමේදී එම ත්‍රීරෝද රථ රියදුරා විසින් අදාල බාලවයස්කාර මව අල්ලා රෝහලට භාර දී ඇති බවයි වාර්තා වුනේ.

පසුව සිදුකළ සොයාබැලීමකදී මෙම බාලවයස්කාර මව කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි විවාහ නොවූ තරුණියක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

පලාගිය පියා බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කාණුවට දමාගිය දරුවා මේ වන විට නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක සිටින බවයි සඳහන් වන්නේ.

gossip lanka