2018 විවාහක රූ රැජින තරගයේ විනිසුරු ඇස්වල කොරපොතු මාන්දම්ද? රටම කතාවෙන පුවත මෙන්න

1985 වසරේ සිට පවත්වනු ලබන මිසිස් වර්ල්ඩ් තරගාවලියේ පලමු කිරුළම ශ්‍රී ලාංකීය කාන්තාවක් (රෝසි සේනානයක) විසින් දිනා ගැනීමට සමත් වීම නිසා ශ්‍රී ලංකාව නමැති රටක් ලෝක සිතියමේ පවතින බවට ලෝකයට මතක් කර දුන්නේය. අද වනවිට පැජන්ට් හැටහුටාමාරක් ශ්‍රී ලංකාව තුල පවත්වනු ලැබුව ද මිසිස් වර්ල්ඩ් කිරුළ සඳහා ශ්‍රී
ලංකාවෙන් තරග කරන්නිය තෝරා ගැනීමට පවත්වනු ලබන මිසිස් ශ්‍රී ලංකා තරගය සැබවින්ම බොහෝ දෙනාගේ නොමද අවධානය දිනා ගන්නා තරගයක් වන්නේ එබැවිනි.

වර්තමානය වනවිට මෙම තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා වන්නේ රූපලාවන්‍ය ශිල්පියෙකු ලෙස නමක් දිනාගත් චන්දිමාල් ජයසිංහය. මෙවර තරගාවලිය ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමින් වඩාත්ම හොද තරගකාරියක් ලෝක තරගයට තෝරා යැවීම ගැන වඩාත් උනන්දුවෙන් කතා කලේ ඔහුමය.

නමුත් පසුගිය දා තරගය නිමා වූයේ වැටත් නියරත් ගොයම් කෑ ස්වරූපයෙන්, තරගය දිනිය යුතු යැයි බොහෝ දෙනා අපේක්ෂා කල චරිත පසුපසට විසි කරමින් චන්දිමාල් ඇතුලු සංවිධායකයින් කිහිප දෙනෙකු විසින් තරගය දිනිය යුතුයැයි අපේක්ෂා කල තරගකාරියන් පෙරට ගෙන එමින් බව අප මීට ඉහත පුවතින් වාර්තා කලේ අපක්ෂපාතීවය.


ඕනෑම තරගයක වේදිකාව සම භූමියක් විය යුතුය. එය එකෙක්ට වාසි සහගත වෙද්දී, තවකෙක්ට අවාසිදායක වන්නේ නම් එහි ඇති කෙහෙම්මල් සාධාරණයක් නැත. චන්දිමාල් ඇතුළු කණ්ඩායම මිසිස් ශ්‍රී ලංකා තරගය තුල සිදුකල අසාධාරණය නම් එයයි.

අපේ පුවතට පිළිතුරු දිම සදහා චන්දිමාල් පාර්ශවය කැලෑ පත්තර ක්‍රමය යොදාගෙන ඇති සේයාවක් අපට දක්නට ඇත. ඔවුන් අප යොමුකල ප්‍රශ්ණයවත් හරිහැටි ‍වටහාගෙන නැත. පළමුව ඔබ අප යොමුකල ප්‍රශ්ණය වටහාගෙන අනතුරුව පිලිතුරු ලබාදෙන්නේ නම් යහපති.

මෙවැනි තරගයකදී වෙනත් තරගකාරියන්ට ලකුණු කිහිපය බැගින් හෝ ලබාදී ලක්මිණිට විනිසුරුවන් දෙදෙනෙකු විසින්ම කිසිදු ලකුණක් ලබා නොදීම සැලකිය යුත්තේ විනිසුරුවන්ගේ මාන්දමක් ලෙසින් ද නැතිනම් මහ දවල් මංකොල්ලයක් ලෙසින් ද?

අප ඔවුනට අභියෝග කලේ ප්‍රසිද්ධියේ වන අතර අද ඊයේ අටවාගත් යූ ටියුබ් පිටු මගින් අපිට උත්තර දීමට පෙළඹීමම ඔවුනගේ බංකොලොත් බව ඉතා හොදින් ප්‍රකට කරවන කරුණක් බවට පත්ව ඇත. ඔබට නිල වශයෙන් පිලිතුරක් ලබාදීමට ඇති නොහැකියාව ඉන් ඉතා හොදින් ප්‍රදර්ශණය වී ඇත.

ඇත්තටම සංවිධායක මණ්ඩලයට අප ප්‍රසිද්ධ අභියෝගයක් කරන්නෙමු..

හැකිනම් තරගකාරියන් සේරටම ෂෝර්ට් ඇන්ඩ් ස්කිනි අන්දලා ඔබේ බබා උක්කුන් විනිසුරු මණ්ඩලය නොව ස්වාධීන විනිසුරු මඩුල්ලකින් බෙස්ට් ෆිගර් තෝරන ලෙසට අපි චන්දිමාල්ට Man to Man අභියෝගයක් කරන්නෙමු.. කොන්දක් ඇතිනම් අපේ අභියෝගය ඔබ විසින් බාරගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු….

ඔබ ඉදිරිපත් කර ඇති ලකුණු සටහන පිළිබදව වන විඩියෝව අපි මෙහි පළකරනුයේ කැලෑ පත්තරයක් විලසින් වුවද අපට පිලිතුරක් ලබාදිම අප අගය කරනු නිසාවෙනි…



අප සදහන් කල අදහස ඔබ වටහාගෙන නැති බවක් අපට ඔබේ පිලිතුරු විඩියෝවෙන් ඉතා හොදින් වටහාගත හැක…  අපි එල්ල කල චෝදනාව නැවතත්  ඔබේ අවබෝධය පිණිස නැවතත් සටහන් කරන්නෙමු…

උපුටාගැනිම – 01

තරගයේ සංවිධායක මඩුල්ලේ රැදී සිටිමින් එහි සහායිකාවක් ලෙස කටයුතු කල රොෂෙල් ප්ලන්කට් මුල සිටම තරගය ජයග්‍රහණය කල සුමුදු ප්‍රසාදිනී අබේසේකර ඇතුළු තරගකාරියන් කිහිපදෙනෙකුට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කල බව සෙසු තරගකාරියන්ගේ චෝදනාවය. සුමුදුව මිනි පැජන්ට් කීපයකදී ජයග්‍රාහිකාව කිරීමට ඇයට උවමනා වූ අතර, ඇයට තරගයක් විය හැකිව තිබෙන තරගකාරියන් වෙනත් මිනි පැජන්ට් වලදී පසුපසට ඇද දමමින්, සුමුදු ව සමස්ත ලකුණු සටහනේ පෙරට ගැනීමට ඇයට තිබූ අමාරුව එසේමෙසේ එකක් නොවන බවට සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කිරීම වටී.

නා වී මියැදිය හැකි හොදම සිනහව තේරූ ආකාරය

හොදම සිනහව ඇතුළු මිනි පැජන්ට් කීපයක් වෙනුවෙන් තරගය පැවැත්වුණේ සීගිරියේ දීය. මෙහිදී හොදම සිනහව හැර අන් තරගවල ජයග්‍රාහිකාවන් සීගිරියේ දීම ප්‍රකාශයට පත් වූ අතර, හොදම සිනහව තරගයට හිමි පැජන්ට් එකේ ජයග්‍රාහිකාව තෝරා ගෙන ඇත්තේ අරුම පුදුම විනිශ්චයකිනි. කොළඹ පැවැත්වෙන පුහුණුවක් අතරතුර තරගකාරියන් දෙස බලා සිටි රොෂෙල් ප්ලන්කට්, අනේ චමිලාගේ හිනාව හරි ලස්සනයි නේ. එයාට තමයි බෙස්ට් ස්මයිල් එක යන්න ඕනෑ යැයි ප්‍රකාශ කර තිබිණ. ඊලග දිනයේ දී බෙස්ට් ස්මයිල් පැජන්ට් එකේ ජයග්‍රාහිකාවට හිමි ලකුණු චමිලා නමැත්තියට එක්කර තිබූ අතර, රොෂෙල්ගේ දේව වාක්‍ය එම කිරුළ ඇයට පිරිනමා තිබිණ. මිත්‍රවරුනි. මෙතැන් සිට විනිශ්චයකරුවන් අහකටම වනු ඇති අතර, තරග දිනනු ඇත්තේ කොහේවත් නැති ප්ලන්කට්ලාගේ දේව වාක්‍යන්ගෙනි.

Mrs. Best Figure

බොහෝ දෙනාගේ අවධානය දිනාගත් නමුත් තරගාවලිය අවසානයේ තුන්වැනි ස්ථානයට ඇද දැමුණු ලක්මිණි ගුණසේකර වඩාත්ම අසාධාරණයට පත් වූ තරගාකාරියක් වූවාය. ඇගේ පුත්‍රයා වයස අවුරුදු 15 න් පහල ජාතික පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වීමත්, ඇය කලක් නෙට්බොල් ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීමත් යන කරුණු හේතුවෙන් ඇය මෙම තරගයට ආවේ තරමක් ජනප්‍රිය චරිතයක් ලෙසිනි. තරගය තුල සිටි වයසින් වැඩිම තරගකාරිය ඇය වූවත්, කිසිසේත් ඇගේ වයස කිව නොහැකි මට්ටමින් ඇය ඇගේ රුව රැකගෙන තිබුණේ ක්‍රීඩාවෙන් ලැබුණු පසුබිම නිසා බව බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. එහෙත් ඇයට ජයග්‍රහණයක් හිමි වූයේ මිසිස් ෆිට්නස් කිරුළේදී පමණි.






































ලක්මිණි ගුණසේකර

එහෙත් Best Figure කිරුළ දිනා ගත්තේ සමස්ත තරගය දිනූ සුමුදු අබේගුණවර්ධනයි. පහත ඡායාරූපය බලන්න. මේ සිටින්නේ සුමුදු සහ ලක්මිණියි. මේ තරගය විනිශ්චය කල මිනිසුන්ගේ ඇස්වල මාන්දම් ද?


මෙහිදී විනිශ්චයකරුවන්ගේ ලකුණු පිරිනැමීම ද මාන්දමිකය. සියලු තරගකාරියන්ට ලකුණු කීපයක් හෝ පිරිනමා ඇති විනිසුරුවන් දෙදෙනෙකු ලක්මිණිට කිසිදු ලකුණක් පිරිනමා නොමැති බව සංවිධායක මණ්ඩලය කියයි. ඒ අනුව විනිසුරුවන් කිහිප දෙනෙකුගේ ලකුණු එකතුවෙන් සුමුදු දිනද්දි ලක්මිණි එම තරගයේ පසුබසින්නේ දෙදෙනෙකු ලබාදුන් 0 ලකුණු හේතුවෙනි.

මෙවැනි තරගයකදී වෙනත් තරගකාරියන්ට ලකුණු කිහිපය බැගින් හෝ ලබාදී ලක්මිණිට විනිසුරුවන් දෙදෙනෙකු විසින්ම කිසිදු ලකුණක් ලබා නොදීම සැලකිය යුත්තේ විනිසුරුවන්ගේ මාන්දමක් ලෙසින් ද නැතිනම් මහ දවල් මංකොල්ලයක් ලෙසින් ද?

අප යොමුකරන ප්‍රශ්ණයට පිලිතුරු ලෙස පැජන්ට් එකේ විඩියෝවක් ඉදිරිපත් කිරිමට තරම් ළදරු මානසිකත්වයෙන් යුත් පිලිතුරක් අප ඔබගෙන් බලාපොරොත්තු වුයේ නැත..



මේ අතරම අපට තවත් ලකුණු සටහන් දෙකක් ලැබි ඇත… මේ සදහාද ඔබෙන් පිලිතුරක් අප බලාපොරොත්තු වන්නෙමු. අප පළමුවෙන් ඉදිරිපත් කර ඇත්තේ නිල ලකුණු සටහනක් වන අතර මෙහි ඉදිරියෙන්ම සිටින ලක්මිණි ලකුණු 09ක් ලබාගෙන ඇත. නදීකා සහ සුමුදු ලකුණු 08 බැගින් ලබාගෙන ඇත.






































අනතුරුව අවසානය වන විට එම ලකුණු පත්‍රිකාව සුමුදුට 10ක් වශයෙන් වෙනස් වි ඇති අතර වඩාත් අසාධාරණයට ලක්ව ඇත්තේ ලකුණු 08ක් ලබාගත් නදිකා අලහකොන්ය.. පළමුව ලකුණු 08ක් ලබා සුමුදු සමග සම තත්වයේ පත්වු ඇය හිටි හැටියෝම තෙවන ස්ථානයට ඇද දමා ඇත.

මෙහි ලකුණු දීමේ පදනම සහ ලකුණු වෙනස් වු ආකාරය පිලිබදව අද ඊයේ අටවාගත් පේජයන්ගෙන් නොව ඔබ නිල අඩවියකින් නිල පිලිතුරක් අප බලාපොරොත්තු වන්නෙමු…







































අවසාන වශයෙන් අප ඔබට කරන අභියෝගය නැවතත් මෙසේ සටහන් කරන්නෙමු….

හැකිනම් තරගකාරියන් සේරටම ෂෝර්ට් ඇන්ඩ් ස්කිනි අන්දලා ඔබේ බබා උක්කුන් විනිසුරු මණ්ඩලය නොව ස්වාධීන විනිසුරු මඩුල්ලකින් බෙස්ට් ෆිගර් තෝරන ලෙසට අපි චන්දිමාල්ට Man to Man අභියෝගයක් කරන්නෙමු.. කොන්දක් ඇතිනම් අපේ අභියෝගය ඔබ විසින් බාරගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු….




gossip lanka