කටින් පිළිතුරු ලියා මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 145 ක් ගත් කායික අබාධිත මාවනැල්ලේ දිරිය දියණියගේ සංවේදී කතාව - (Photos)

කටින් පෑන හසුරවමින් අකුරු ලියා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් ලකූණු 145 ක් ලබා ගැනිමට මාවනැල්ලේ කොටගල විශේෂ පාසලේ දිනුෂා බණ්ඩාර දියණියට හැකියාව ලැබි තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන් කම් පෑ දක්ෂතා පෙන්නු දරුවන් ගැන මුළු රටේම අවදානය යොමු වෙද්දි කායික අබාධිත දියණියක් කටින් අකුරු ලියා මෙලෙස ඉහළ ලකුණු ලබා ඇත්තේ මුල් වතාවටයි.
මෙම කායික ආබාධිත දියණියට කටින් අකුරු ලිවිම හා චිත්‍ර ඇදිමට දක්ෂතා පෙන්වන බොහෝමයක් කාරියක් තනිවම කරගැනිමට සමත් සමස්ත ලංකා මට්ටමින් පවා චිත්‍ර ඇද ජයග්‍රහණ ලබාගැනිමට තරම් වාසනාව ලැබු කායික අබාධිත සහිත වයස අවුරුදු 11 දියණියකි. ඒ අනුව ලංකාවේ ශිෂ්‍යත්වය විභාගයට පෙනි සිටි දරුවන් අතරින් මෙවැනි හපන්කමක් කර ඉහළ ලකුණු මට්ටමක් ලබා ගත් ඇය ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගැනිම කාගෙත් කථා බහට ලක් වි ඇති හෙයින් ඇය සොයා අප පසුගියදා මාවනැල්ල කලාපයට අයත්  කොටගල අශෝක පුර විශේෂ පාසල වෙත ගියාය.

අඩු මන්සික තත්වයක් ඇති ළමුන් නේවාසිකව රැක බලා ගෙන පුනරුත්තාපනය කර මෙ මධ්‍යස්ථානය මගින් ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේය. අත් පා ඇති දරුවන්ට සමාජයේ තම අයිතිවාසිකම් සියල්ල අඩුවක් නැතිව ලැබෙන විට අඩු මාන්සික තත්වයන් මත උපදින පිරිස් සඳහා ලැබෙනුයේ අඩු සැලකිල්ලක් සේම පැහැදිලි අනාගත සැලසුමක් නොවේ. එසේ හෙයින් විවිධ හැකියාවන් ඔස්සේ ඉදිරියට යන දුවා දරුවන්ට තම හැකියාවන් වර්ධනය කර ගන්නට අවස්ථාව හා අධ්‍යාපනය ලබන්නට පාසලක්ද මෙහි ඇත. මෙම පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ ඒ.එස් සිරිවර්ධන ගුරු මහත්මියයි. ඇය මෙවර ශිෂ්‍යත්වයෙන් ලකුණු 145 ක් ලබා ගත් දිනුෂා බණ්ඩාර දියණිය ගැන මෙලෙස අපට කිවාය.
මෙ දරුවා තමයි. කටින් චිත්‍ර හා අකුරු ලියන අපේ පාසලේ ඉන්න එකම දරුවා. දැන් මෙයාට අවුරුදු 11 ක් වෙනවා. අපේ පාසලෙන් මෙ වන විට ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන්ගෙන් ලකුණු 145 ක වැනි වැඩි ලකුණු ලබා ගත් එකම දරුවාද මෙ දරුවා විතරයි. අප පාසල ආරම්භ වු දා සිට ශිෂ්‍යත්වයට ගිය කායික අබාධිත සහිත දරුවන් අතරින් ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගත් දරුවාද දිනුෂා විතරයි. දිනුෂා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුයේ නැති වුනත් ඇය අත් පා ඇති දරුවන් හා සමකරද්දි අපේ දිනුෂා විභාගයට අකුරු ලිවේ කටින්. ලංකාවේ එවැනි හපන්කමක් කර ඇති එකම දරුවා මෙ පාර ඇය වෙන්න ඇති කියලායි මාගේ විශ්වාසය. ඒ නිසා ඇයගේ ලකුණු මට්ටමත් ඇයගේ හපන්කම ගැනත් දක්ෂතාවය ගැනත් අද සමාජයේ කථා බහට ලක් වි අවසන්. මෙ දක්ෂතාවය ගැන අපෙන් ගොඩාක් අය කථා කරලා අහනවා දිනුෂා දියණිය බලන්න එනවා සුභ පතනවා.

මෙ පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් 5 දෙනෙක් ඉදිරිපත් වුනා කායික අබාධිත තත්වය වැඩියෙන්ම ඇති දිනුෂා දියණියට බලවත්ගම මහා විද්‍යාලයේ තිබු විභාග ශාලාවේදි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න වුනේ කටින්. ඇයගේ අත් පා අබාධිත නිසා ඇය එලෙස විභාගවය මුණ දුන්නා. කායික අබාධිත දරුවෙක් නිසා විනාඩි 10 ක් සාමන්‍ය කාලයට වඩා වැඩිපුර ලබා දිමට රජයේ අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණා. කවදත් සීනාමුසු මුහුණින් සිය කාරියන් ආරම්භ කරන දියණිය ඇයගේ හැකියාව අනුව අප කායික අබාධිත දරුවන්ගේ පාසලේ ඉගැන්විම් වලදි ලබා ගත් අධ්‍යාපනික දැනුම උපයෝගි කරගෙන මෙ දක්ෂතාවය පෙන්වා තිබෙනවා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුනාට පස්සේ අපේ පාසලේ ආචාර්ය මණ්ඩලය ගොඩාක් සතුටු වුනා දියණියගේ හැකියාව සම්බන්ධයෙන් යැයි ද විදුහල්පතිනිය පවසමින් ඇය මෙම විශේෂ පාසලට පැමිණි  අකාරය ගැනත් පැහැදිලි කලා.
එහිදි විදුහල්පතිනිය මෙසේ පැවසීය.

අපේ මව් ආයතනය වන ප්‍රීති පුර ළමා නිවාසයට මෙයාව අවේ ඉපදීලා දවස් ගාණකින්. මෙයාගේ දෙමාපියෝ ඉන්නේ කුරුනෑගල දරුවා ලැබිලා තියෙන්නේ කොළඹ ජාතික රෝහලෙන් අපේ ප්‍රීතිපුර ළමා නිවාසයට රෝහලෙන් කොල් කරලා විස්තර කිවාට පස්සේ අපි ගිහින් අරන් ඇවිල්ලා හදා ගත්තා. මෙයාව ලැබුණාට පස්සේ මෙ කායික අබාධිත තත්වය දැකලා දෙමාපියෝ ගොඩාක් දුක් වේලා. මව මන්සිකව ගොඩාක් වැටිලා. රෝහලේ වෛද්‍යවරු පවා කිවාලූ දරුවා ටික දවසකින් මිය යන්නට බැරි නැහැ කියලා. නමුත් දැන් වයස අවුරුදු 11 යි. අවුරුදු කිහිපයකට පස්සේ අධ්‍යාපනය ලබන්න අපේ මේ පාසලට ප්‍රීතිපුර ළමා නිවාසයේ ඉදලා දරුවා පැමිණියා.

අද වෙන කොට චිත්‍ර ඇදලා සමස්ථ ලංකා තරග පවා ජයග්‍රහණය කරලා තියනවා. අවුරුදු 5 දී තමයි මුලින්ම මෙයාව චිත්‍ර ඇදලා දිනුවේ. අපේ පාසලේ අකුරු ලියන ඒවා පවා ලස්සනට දුව විසින් සිදු කරනවා. මුඛය පාවිචිචි කරලා. පස්සේ අපි කටින් අදින එකට වඩා ලේසි වෙයි කියලා නළලට උපකරණයක් සවි කරා නමුත් එක කරදයි. බෙල්ල ගොඩාක් වෙහෙසට පත් වෙන හින්දාම නැවත වතාවක් කටින් ඒ කාරිය කරන්න ඉඩ කඩ දුන්නා. ඒ විදිහට අද වෙන කොට තම බොහෝමයක් කාරියන් ඇය එලෙස සිදු කර ගන්නවා. චිත්‍රයට අවශ්‍ය පාට පවා තමන් විසින්ම තෝරා ගෙන කටින් පාට පෙට්ටියෙන් එකින් එක තෝරා ගන්නා ඇය. පුදුමයට කාරණය වන්නේ කිසිදු කටුසටහනක් නොගහා පාට එකින් එක තෝරමින් චිත්‍රයේ වැඩ කොටස් අවසන් කිරිමයි. බලා ඉන්නෙකුට ඇය ඒ සඳහා කරන ක්‍රියාකාරකම් දකින විට කම්පාවක් සේම ඇය පිළිබඳ විශ්මයක් ගෙන දීම පුදුම සහගතය. 2013 වසරේ සමාජ සේවා අමාත්‍යංශය මගින් පැවැති අබාධිත චිත්‍ර තරගයේ කණිෂ්ඨ අංශයෙන් මෙයාව ජයග්‍රහණය ලබා ගත්තා. ඒ චිත්‍රය රාමු කරලා අපේ කාර්යාලයේ එල්ලලා තියනවා ’’ යැයි විදුහල්පතිනිය පවසයි.

ඇයගේ දක්ෂතා ප්‍රායෝගිකව අපද දැක ගත හැකි වු අතර කටින් චිත්‍ර ඇදිම හා අකුරු ලිවිම දිනුෂා දියණිය සිදු කරන්නේ ඉතා සැහැල්ලූවෙනි. දිනුෂා අදින චිත්‍රය දෙස මොහොතක් බලා සිටි මා හට දැක ගත හැකි වුයේ සමාන්‍ය ළමයෙකු චිත්‍රයක් අදින කාලයට සමාන වේගයකින් ඇයද චිත්‍රය අදිමින් පාට ගන්වමින් තම ඔළුව ඒ මෙ අත කරකමින් එම කාරිය කරනු අන්දමයි.

පාට පෙට්ටිය හා කොළය තම මුහුණ හා කට පමණක් උදව් කරගිනිමින් අවශ්‍ය පරිදි සකස් කර සකසුරුවම් ලෙසත් පිරිසිදු ලෙසත් ඒ සියල්ල සිදු කරයි. ඇය අකුරු ලියන්නට ගීත ගායනා කරන්නට දක්ෂතා ඇති සීනා මුසු මුහුණින් කාගෙත් අනුකම්පාවට ආදරයට ලක් වන ලෙස සිටින දියණියකි. ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකූනු 145 ක් ලබා ගත්තාසේම අනාගයේ දිනක ඇය ලංකාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම හොඳ නමක් තබන බව නම් විශ්වාසය. ඇය පාසලේ එහා මෙහා යන්නේ ඇයට ලැබි ඇති රෝද පුටුවෙන්ය. ඇයට ආහාර කැවිම හා පානීය දේවල් පොවන්නේ පාසලේ ගුරුවරුන් සහ එක්කෝ විදුහල්පතිනියයි. විදුහල්පතිනියට දිනුෂා මහත් වු ආදරයක් කරුණායක් දක්වයි.
මවකගේ උණුසුම නැති දිනුෂාට විදුහල්පතිනිය මවකගෙන් ලැබෙන උණුසුම ආදරය ලබා දෙන අතර මෙහි සිටින සෑම දුවා දරුවෙකුටම ඇය කථා කරන්නේ ආදරයෙනි. එම දරුවන් වීදුහල්පතිනිය වන සිරිවර්ධන මහත්මියගේ සාරි පොටේ එල්ලි හෝ වැළදගෙන සෙනෙහසින් සිටින අන්දමද බොහෝ අවස්ථාවන් වලදි දැක ගත හැකියි.

දිනුෂා බණ්ඩාර දියණිය ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගැනිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිනා මුසු මුහුණින් අපට කිවේ.

හොඳට ඉගෙන ගෙන මෙ පාසලේම ගුරුවරියක වි අනාගතයේ මෙහි ඉගෙනුම ලබන අයට අධ්‍යාපනය ලබා දෙන බව ඇය පවසයි. ශිෂ්‍යත්ව විභාගයට කියා අමුතුවෙන් පාඩම් කිරිමක් සිදු නොකරන ලද බවත් පාසලේ අධ්‍යාපන කටයුතු වෙනදා මෙන්ම සිදු කරමින් විභාගයට මුහුණ දුන් බවද පැවසීය.

කෙසේ වෙතත් මෙවැනි කායික අබාධිත දියණියක් ශිෂ්‍යත්වයෙන් සමත් වන ලකුණු මට්ටම ආසන්නටම කටින් අකුරු ලියා දක්ෂතා පෙන්විම සාමන්‍ය දරුවකුගේ ක්‍රියාවට වඩා ඒහා ගිය කාරියකි. එසේ හෙයින් ඇයගේ දක්ෂතාවය සෑම දෙනෙක්ම අගය කර යුතු කරුණකි.

මාවනැල්ලේ පිහිටි මෙම ළමා නිවාසය හා විශේෂ පාසල ස්ථාපනය කර ඇත්තේ 1972 දී වන අතර නිර්මාර්තෘ ලෙස සලකනු ලබන්නේ මෙ රටේම උපත ලැබු විදේශිය ජාතිකයෙක් වන අචාර්ය බ්‍රයන් ද ක්‍රෙට්සර් මහතායි.  දැනට ඔහු මිය ගොස් සිටයද පූජකවරයෙක් වරයෙක් වශයෙන් බොහෝ කල් ගත කළ බවද සඳහන්. මෙතුමා විසින් මෙරටේ මෙලෙස දිවි ගෙවන දුවා දරුවන් වෙනුවෙන් රට පුරා මධ්‍යස්ථාන බොහෝමයක්ම ආරම්භ කර ඇත්තේ හෙට දිනයේ ඔවුන්ගේ ලෝකය සුභ වාදී කිරිමේ පරම මාහැගි චේතනාව නිසාවෙනි.

දැනට අශෝකපුර කොටගල විශේෂ පාසලේ විදුහල්පතිනය ලෙස කටයුතු කරන්නේ අප ඉහත සඳහන් කරන ලද ඒ.එස් සිරිවර්ධන ගුරු මහත්මියයි. ඇයද පාසල් අධ්‍යාපනය අවසන් කිරිමෙන් අනතුරුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙවැනි දරුවන් කෙරෙහි කරන ලද පරියේෂණ වල අවසාන ප්‍රතිඵලය වුයේ තමන්ද මෙවැනි පාසලකට සේවය ලබා දීම සඳහා විවාහයෙන් පසු තම ස්වාමියා සමග දකුණු පළාතේ සිට පැමිණ වර්තමානය දක්වාම මෙහි සේවය දසක කිහිපයක් තිස්සේ ලබා දිමයි. ඇය නිරන්තරයෙන් පවසන්නේ තමන් විශාල ලෙස සතුටට පත් වන එකම දෙය වන්නේ මෙම දරුවන්ට සේවය කිරිමට ලැබිම හා ඔවුන් සමග දවස ගෙවා දැමිම බව පවසයි. මෙ වන විට මෙහි නේවාසිකව අධ්‍යාපනය ලබන පිරිස 100 කට වැඩි පිරිසක් වන අතර පාසල් අධ්‍යාපනයෙන් පසුව වෘත්තිය අධ්‍යාපනය ලබා දිම මෙම ආයතනය මගින් සිදු කරයි.

ඇය වැඩි දුරටත් කියා සිටියේ පිරිමි කන්තා වශයෙන්  ස්ත්‍රී / පුරුෂ දෙපක්ෂයේම පිරිස් මෙහි නේවාසිකව සිටින බවයි. මෙම ළමුන්ගේ අධ්‍යාපනය හා කෑම බිම අවශ්‍ය ඇදුම් පැළදුම් සේම ඔවුන් රැක බලා ගැනීම සඳහා ද  විසිදෙදෙනෙකුට වැඩි කාර්ය මණ්ඩලයක් මෙහි සේවයේ නිරන්තරයෙන්ම යෙදී සිටින බවයි.

මෙම විශේෂ පාසලට එන්නෙකුට මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම දෙසට ගමන් කර විට අල්පිටිය ගම්මානයේ ප්‍රධාන පාරට සම්බන්ධ වන  මං සන්දියෙන් හැරි කි:මි 4 ක් පමණ වු කදු මුදුන් සහිත කොටස පසු කර උස් බිම් කඩක පිහිටි මෙම ස්ථානයට යා යුතුව පවතී. ස්භාවික ජල උල්පත් වලින් ලැබෙන ජලයෙන් තම ජල අවශ්‍යතා සපුරාගන්නා අතරම මධ්‍යස්ථානය නඩත්තු කිරිම හා මෙහි නේවාසික ළමුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ මධ්‍යස්ථානයට සතුව පවතින රබර් ඉඩ කඩම් වලිනි.

 සමන් විජය බණ්ඩාර