74 හැවිරිදි මැල්කම් සමඟ අතිනත් ගැනීමට පෙරුම් පුරන අවුරුදු සියයක් වයසැති නෝරා - Photos

වසර තිහක් පුරාම තමන්ගේ සහකරු වී සිටින 74 හැවිදිරි මැල්කම් යේට්ස් (Malcolm Yates) සමග විවාහ වීමට දින යොදා ගැනීම හේතුවෙන් තමන් "ඉතාමත් සතුටෙන්" පසුවන බව සිය හැවිදිරි නෝරා විට්කිස් කියනවා. ඔවුන් විවාහ නොවී මෙතරම් කලක් සිටියේ මන්ද යැයි ඇසූ විට ඇයගේ පිළිතුර වූයේ "මම බලා සිටියේ නැහැ, නමුත් ජීවිතය ඉතා ඉක්මනින් ගෙවී ගියා. මම හැම වෙලාවේම කිසියම් වැඩක නිරත වෙලා සිටියා" යන්නයි. ඇය පාසලක
කෝකියෙකු ලෙසයි රැකියාවේ නිරත වී තිබෙන්නෙ

"මැල්කම් මේ ගැන කවදාවත් සඳහන් කර නැහැ. ඒ වගේම මාව විවාහ කරගන්න කියලා මම කවදාවත් කියන්න හිටියේ නැහැ" යැයි ඇය තවදුරටත් කියනවා.

වේල්සයේ Prestatyn නම් ප්‍රදේශයේ පිහිටි සිය නිවස අසල හෝටලයක දී ලබන මස දිනක මෙම දෙදෙනාගේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිතයි. නෝරා විට්කිස් දෙවරක් විවාහ වී ඇති අතර, ඇයගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාම මියගොස් තිබෙනවා. නමුත් 1980 දශකයේ දිනක, සාදයක දී මුණගැසුන මැල්කම් යේට්ස් සමග සම්බන්ධතාවක් ගොඩනගා ගත් ඇය "මේ වෙනතෙක් එයා එක්ක ජීවත් වෙනවා," කියලා කියනවා.

ඇය හමුවන විට මැල්කම් යේට්ස් ද පෙර විවාහයෙන් දික්කසාද වෙලයි හිටියේ. වෘත්තියෙන් රියදුරෙකුව සිටි මැල්කම් යේට්ස්, මින් සති කීපයකට පෙර විවාහ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

"අපි දෙදෙනා එකට සිටින එක හොඳයි. මොකද අපි එළියට යන හැම වෙලාවකම මිනිස්සු අහනවා අපි විවාහ වෙලාද කියලා," ඔහු එහෙම කියනවා.

මෙතරම් කාලයක් එකට ජීවත් වීමෙන් පසු මෙවැනි යෝජනාවක් ලැබීම ගැන පුදුමයට පත් වූයේ නැතැයි මනමාලියක් වීමට බලා සිටින නෝරා විට්කිස් කියනවා.
"එයා මගෙන් ඇහුවම, මම හිතුවා ඒක හොඳ අදහසක් කියලා,"

ඔක්තෝබර් 30 වෙනිදා පැවැත්වීමට නියමිත විවාහ උත්සවය සඳහා ඇය මේ වන විටත් "දැකුම්කලු ගවුමක්" තෝරා ගෙන තිබෙනවා. මෙම උත්සවය සඳහා පවුලේ සාමාජිකයන් සහ යහළුවන් 30 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිත බවයි ඔවුන් කියන්නෙ.

"එය ඉතා හොඳ සැන්දෑවක් වෙයි," නෝරා ඒ ගැන කියනවා.

තරුණ වියේ දී Prestatyn ප්‍රදේශයට පැමිණි නෝරා හෝටලයක රැකියාව කර ඇති අතර, එහිදී සිය පළමු සැමියා වන ෆ්‍රෙඩ් තෝමස් මුණ ගැසී ඇති අතර එම විවාහයෙන් ඇයට මාලීන් නම් දියණියක්ද සිටිනවා.

ෆ්‍රෙඩ්ගේ මරණයෙන් කලකට පසු ඇය බර්ට් විට්කිස් සමග විවාහ වී තිබෙනවා නමුත් දෙවෙනි ස්වාමිපුරුෂයා මියගොස් කෙටි කලකින් ඇයට මැල්කම් යේට්ස් මුණ ගැහෙනවා.
"කාලය ඉතා වේගයෙන් ගෙවෙනවා. ඉතින් අපි හිතුවා ඉක්මනින් විවාහ වෙන්න" යැයි පැවසූ මැල්කම් යේට්ස්, මේ වන තෙක් ඔවුන් විවාහයක් ගැන නොසිතූ බව ද පවසනවා.

gossip lanka