"මට කවදාවත් ඇවිදින්න බැහැ කිව්වා.." - ලැම ලස්සන කරන්න ටැටූ ගැසූ විවාහක16 හැවිරිදි සුරූපිණියගේ සංවේදී කතාව - Photos

ටැටූ කියන්නේ විලාසිතාවක්. මේ විලාසිතාවට බොහෝ දෙනෙක් කැමැත්ත දක්වන නිසා ශරීරයේ ඕනෑම තැනක ටැටූ කිරීමට ඇතැමුන් පෙළඹෙනවා. ඒ පෙළඹිම ජිවිතයට හානියක් වෙයි කියලා හිතන්නේ නැති තරම්. මේ කියන්න යන්නේ එවැනි උන්මාදයක් නිසා ජිවිතයෙන් වන්දි ගෙවන යුවතියක් ගැනයි. ඇය නමින්  Luisa Fernanda. තවමත් වයස අවුරුදු 16යි. නමුත් ඇය විවාහක කාන්තාවක් වගේම ඇය ඒ වනවිට ගැබිණියක්. ජිවත් වෙන්නේ කොලොම්බියාවේ.

ටැටූ ගහන්න තිබෙන ආසාව නිසාම ඇය ලැම
ප්‍රදේශයට ටැටූ එකක් ගහනවා. නමුත් ඉන් දින කිහිපයක් ගියාට පසුව ඇය අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. උණ රෝගය උත්සන්න වීමත් සමග ඇය වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනවා. ඒ මොහොතේදී වෛද්‍ය වාර්තා අනුව සනාථ වෙනවා ටැටූ එක හේතුවෙන් ඇයට ආසාදන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම තත්ත්වය සුසුම්නාව දක්වා පැතිර ගොස් තිබෙන බව. එම ආසාදන තත්ත්වය නිසා දරු ගැබ විනාස වී තිබෙන අතර ඇයට සාදාකලිකවම එකතැන් වීමටත් සිදුව තිබෙනවා. ඒ සෝචනීය පුවතත් සමග ලුයිසා වේදනාවට පත් වෙනවා වගේම කනගාටුවට පත් වෙනවා. ටැටූ විලාසිතාව භාවිතා කළත් එහි අවධානම ගැන දැනුවත් වෙන ලෙස ආදරනියයන්ගෙන් ඉල්ලීමක් කරන අතර ඇයට පිහිටට ඉන්නේ ඇයගේ ආදරණිය දෙමාපියන් බවත් කියනවා.

"ආසාදනය නිසා මම බෙහෙත් බොහෝ ප්‍රමාණයක් ගත්තා. ඒ වෙනකොට මම ගැබ් ගෙන හිටියේ. මට පුතෙක් ලැබෙන්න ඉන්න බවයි දැනගත්තේ. කොහොම නමුත් ආසාදබ තත්ත්වය නිසා මගේ පුතා මට අහිමි වුනා. ඒ ගැන කිව්වා මොහොතේ මම සෑහෙනට ඇඩුවා. මගේ සුසුම්නාව හා කශේරුකාවට ආසාදනය පැතිර යෑම හේතුවෙන් මට මින් පසු කිසිම දවසක ඇවිදින්න බැහැ කීවා. අඩු වයසින්ම නොසැලකිල්ල නිසා එකතැන් වෙන්න සිදු වුනා.." යැයි ඇය ප්‍රකාශ කරනවා.