කෙල්ල‍ට 15 යි, කොල්ලට 18 යි, ලෝක ළමා දිනයදා පාසල් පෙම්හුටපටය කෙළවර වූ තැන

ලෝක ළමා දිනය සනිටුහන් වන ඊයේ (01) දිනයට පෙරදින වයස අවුරුදු 15ක සිසුවියක් සහ වයස අවුරුදු 18ක සිසුවෙකු දෙමව්පියන්ට හොර රහසේ  වෙනත් ප්‍රදේශයකට ගොස්  තනිව නිවසක සැඟවී සිටියදී දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල නගරයට ආසන්න ගම්මානයක මෙම පාසැල් සිසුවිය සහ
තරුණයා මාස ගණනාවක සිට ‍ප්‍රේම  සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.

පසුව නිවෙස්වලින් මෙම ප්‍රේම සම්බන්ධතාවයට  දෙදෙනාට අවවාද කිරීම හේතුවෙන් මොවුන් දෙදෙනා දිනගණනාවක් තම නිවස ආසන්නයේ පිහිටි ඥාති නිවසක තරුණයා සැගවී සිට දෙදෙනා අතර සබද කම් රාත්‍රී කාලයේ පවත්වාගෙන ගොස් ඇති  බව පොලීසිය කියයි.

පසුව මෙම සිසුවිය සහ සිසුවා අතර පැවති එම සිද්ධිය දෙමාපියන්ට ආරංචි වීමත් සමඟ දෙදෙනාටම අවවාද කොට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

දෙමාපියන්ට නොදන්වා   තවත් කිහිප දෙනෙකු ගේ උදව් ඇතිව පහළොස් හැවිරිදි සිසුවිය සහ 18 හැවිරිදි තරුණයා   ලෝක ළමා දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ලට නුදුරු වෙනත් ප්‍රදේශයක හිතවත් නිවසක කාමරයක නැවතී සිටියදීයී සැක පිට අත්අඩංගුවට  ගෙන ඇත්තේ.

මෙම බාලවයස්කාර දැරිය අපහරණය කිරීම සඳහා උදව් උපකාර කළ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි දඹුල්ල පොලිසිය සඳහන් කලේ.

බාලවයස්කාර දැරිය දඹුල්ල රෝහලට ඇතුලත් කොට ඇති අතර අදාළ තරුණයා මේ වනවිට පොලිස් භාරයේ සිටින බවයි පොලිසිය සඳහන් කලේ.