ක්‍රිකට් පිටියෙන් සමුගෙන යන රංගන හේරත් වෙනුවෙන් ක්‍රීඩකයන් කළ යුතු දෙයක් ගැන මාලිංග කියයි

රංගන හේරත් යනු ශ්‍රීලංකා කණ්ඩායමට ජයග්‍රහණ රැසක් ගෙන දීමට දායක වූ ක්‍රීඩකයෙකු බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියෙ වැඩිම කඩුලු ලබාගත් වමත් පන්දු යවන්නා වන රංගන හේරත් එළඹෙන ශ්‍රීලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

රංගන පිළිබඳ වැඩිදුරටත් අදහසක් දක්වන මාලිංග
පවසන්නේ මෙවැන්නකි.

2014 ලෝක කුසලානය ලංකාවට ගේන්න පළමු අඩිතාලම දැම්මේ රංගන අයියා නවසීලන්තයට කඩුලු 5ක් දවාගෙන.මුරලි අයියා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නායින් පස්සේ සියලුම ජයග්‍රහණ වලට දායකත්වය දුන්නේ රංගන අයියා.එයා සමුගන්න එක අපිට ගොඩක් පාඩුවක්.ඒ වගේම මම හිතනවා එයා ගහන කාලය තුළ අපේ පොඩි දඟ පන්දු යවන්නන්ට දුන්න උපදෙස් අනුව ඔවුන් රංගන අයියාගේ කාර්ය කරන්න බලාපොරාත්තුවෙන් ඇති...මම හිතන්නේ රංගන අයියා සමුගන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ.ඔහුගේ ආබාධ එක්ක ඔහුට ටෙස්ට් ක්‍රීඩාව කරන් යන්න බෑ කියලා ඔහුත් කියලා තියනවා. මං හිතන්නේ ඔහුගේ සමුගැනීම සධාරණයි කියලා.කොච්චර පාඩු වුණත් ක්‍රීඩකයෝ ගන්න තීරණ වලට අපි හැමෝම සහයෝගය දක්වන්න අවශ්‍යයි.මම ක්‍රීඩකයන්ගෙන් ඉල්ලනවා ඔහුට ජයග්‍රහණයකින් සමුගන්න අවස්ථාව දෙන්න කියලා



gossip lanka