2020 ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා කුමාර වෙල්ගම..?? එජාපයෙන්, ශ‍්‍රීලනිපයෙන් නොමද පැසසුම්…

මීලග පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානයක පොදු අපේක්‍ෂකයා ලෙස කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කිරීමේ ඉහල ඉඩක් නිර්මාණය වෙමින් ඇති බවට එම පක්‍ෂයට සම්බන්ද සමජ ජාලා පිටු වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලද ඉහල ජනප‍්‍රියත්වයක් හිමි කරගෙන සිටින වෙල්ගම මහතා සුළු ජාතීන් වෙනුවෙන්ද මෑතකදී සිට වැඩි වශයෙන් පෙනී සිටීමට කටයුතු
කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන්නේ යයිද දැක්වෙයි.

ඒකාබද්ද විපක්‍ෂයේ රාජපක්‍ෂ පවුල්වාදයට එරෙහිව මන්ත‍්‍රීවරයා විසින් නගක හඬ එක්සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේද නොමද පැසසුමට ලක් වෙමින් ඇත.

නමුත් මන්ත‍්‍රිවරයාට මේ වන විටත් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකු එලිපිටම සිය විරෝධය දක්වා ඇතත් කිසිවෙකු ඔහුට පක්‍ෂපාතී අදහස් දක්වා නැත.


-lankacnews
gossip lanka