එක්සත් රාජධානියේ සයිබර් ආරක්ෂණ සමාගමක් වන McAfee ආයතනය පවසන පරිදි 2018 වසරේ එක්සත් රාජධානිය තුළ කරන ලද ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩි වාර ගණනක් සොයා ඇත්තේ කිම් කාඩේෂියන්ගේ නම බවයි.
ප්‍රසිද්ධ චරිතවල නම් අඩංගු ඉන්ටර්නෙට් සෙවුම් ප්‍රතිඵල, වෛරස් අන්තර්ගත වූ හානිකර විය හැකි වෙබ් අඩවි සමග ඈඳී තිබේද යන්න McAfee
ආයතනය විසින් සොයමින් පවතිනවා. එම අවස්ථාවේ වැඩිම සෙවීම කිම්ගේ නමයි.
පසුගිය වසරේ එවැනි සෙවුම්වල ඉහළින් ම දැක්වුණු නම වූයේ ක්‍රෙග් ඩේවිඩ් ගේ නමයි.
මෙවර එම සෙවුම් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ ප්‍රකට නිරූපණ ශිල්පිනී නයෝමි කැම්බල් සිටින අතර තෙවන ස්ථානයේ පසුවන්නේ, කිම් කාඩේෂියන්ගේ සොහොයුරිය වන කර්ට්නි කාඩේෂියන්.
McAfee ආයතනය පවසන්නේ, සයිබර් අපරාධකරුවන් විසින් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් සඳහන් බන්ධක (links) භාවිත කර ඉන්ටර්නෙට් පරිශීලකයින් රවටමින් වෛරස අඩංගුවිය හැකි හානිකර වෙබ් අඩවි වෙත යොමු කරන බවයි.
පරිගණක වෛරස් ස්ථාපනය කිරීමට මෙන්ම රහස් පද සහ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට එවැනි වෙබ් අඩවි භාවිත කරන බවත් සදහන් වෙනවා.
කිම් කාඩේෂියන් සොයා ගිය අය වෛරසයකට ගොදුරු වෙයි - Photos
2018-10-03T23:45:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|