පිරිසක් ඉදිරියේ නිරුවත් වෙන්න කියා සිදු කල බලපෑම නිසා 21 හැවිරිදි තරුණිය කරගත් අහස පොළව නුහුලන අපරාධය - Video & Photos

21 හැවිරිදි තරුණියක් බන්ධනාගාරය තුළ සිය දිවි හානිකරගත් පුවතක් ස්කොට්ලන්තයෙන් වාර්තා වනවා. කැති ඇලන් නම් අදාළ තරුණිය බීමතින් රිය පදවා ශිෂ්‍යයෙකු අනතුරට පත් කිරීම නිසා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබුණා. එහිදි ඇය විවිධ හිරිහැර වලට ලක් වූ බවයි සඳහන් වන්නේ.

‘ඇය අමානුෂික ලෙස හිංසනයට පත් වුණා. ඇයට
ඇගේ කෙස් පවා නැතිවුණා..‘

කැතිගේ මව කියනවා.

‘ඇයව අපිව විශේෂඥයෙක් ගාවට යොමු කරන්නයි හැදුවේ. අවසර ලැබුණා වුණත් ඒකෙන් වුණේ ඇය තවත් කලබලයට පත් වුණ එකයි..‘

ඇය තව දුරටත් කියනවා.

‘අපි ඇයව බලන්න ගිය අන්තිම වෙලාවේ අපිට අමුත්තක් දැණුනා. මම ගියේ ඇයගේ සහෝදයත් එක්කයි. කැති වෙනදට වඩා වෙහෙසකින්, පසුතැවීමකින් ඉන්නවා කියලා අපිට තේරුණා...‘

කැතී යමක් සඟවමින් සිටි බවයි ඔවුන් සැක කරන්නේ. කැතිට බන්ධනාගරය ඇතුළතදි නිරුවතින් ඇවිදින ලෙස තර්ජනාත්මකව යම් පිරිස් ඈව බිය ගන්වා ඇති බවද ඇය කියනවා.

‘අපි බන්ධනාගාර නිලධාරින් සමඟත් මේ ගැන කතා කළා. කැතීව වැඩිහිටි බන්ධනාගාරයකට මාරු කර යවන්නත් ඕනි වුණා. මේ හැමදේකින්ම වුණේ කැතී බියට පත් වීම..‘

කෙසේ වෙතත් කැතීගේ සිය දිවි හානි කර ගැනීම නිසා තවත් පාර්ශවයක් විමතියට පත්ව සිටියා. ඒ ඇය විසින් පැදවූ රථයේ හැපුණු මයිකල් නම් වූ තරුණයාගේ මවයි.

ඇය කියන පරිදි කැතී තම වරදට පසුතැවෙමින් කාලය ගෙවා ඇති අතර ඇය ඒ වෙනුවෙන් මයිකල්ගෙන් සමාව අයැද තිබෙනවා.

‘ඇයගේ සිය දිවි හානි කරගැනීම ගැන අසා මම විමතියට පත්වුණා...‘ ඇය එහෙම කියනවා.



gossip lanka